Celebrity Gossip

බැරි බර කරේ තියන් යනුවෙන් රිද්මා පිලපිටිය රොෂාන්ට තැබූ අපූරු සටහන

රිද්මා පිලපිටිය කියලා කියන්නේ අපි කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. ඇය කලාවට සෘජුවම සම්බන්ධ නොවූවත් රිද්මා පිලිපිටිය youtube චැනලය ඔස්සේ බොහෝ රසික රසිකාවියන් පිරිසකගේ ආදරය හා ආකර්ෂණය දිනා ගැනීමට ඇය සමත් වී සිටිනවා. ඒ නිසාම පසුගිය දිනක youtube මාධ්‍ය ජාලය විසින් silver button එක හිමි කරගැනීමට පුළුවන් වුණා. ඒ වගේම තමයි ඇය ශ්‍රී ලාංකීය කලා ලොවේ කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ වෙනවා. රොෂාන් පිලිපිටිය ඇයව විවාහ කර ගනු ලබන්නේ සිය දෙවන විවාහය ලෙසයි. ඉන් පෙර ඔහු විවාහ වන්නේ අප කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමඟයි.

නමුත් ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම විවාහය කලක් පැවතුණේ නැහැ. චතුරිකා පිරිස් ගයාන් වික්‍රමතිලක සමග විවාහ වන අතර ඔවුන් දෙපලට මේ වන විට ආරාධනා නමින් සිඟිති දියණියක් ද සිටිනවා. ඇයට ශ්‍රී ලාංකික බොහෝ රසික රසිකාවියන්ගේ නිරන්තර ආදරය හිමි වීම විශේෂත්වයක්. ඒ වගේම තමයි රොෂාන් පිලිපිටිය සහ රිද්මා පිලපිටිය යන යුවලටත් රාහුල් නමින් ආදරණීය පුතෙක් සිටිනවා. ඉතිං ඔවුන් ඉතාමත්ම සතුටින් සහ විනෝදකාමී ව තමයි කාලය ගත කරන්නේ.

ඉතින් අපි කොහේ හරි සංචාරයකට ගියාම එකම තැනක සිට වසරෙන් වසර ඡායාරූප ගන්නට හරිම ආසයි. එය එම සුන්දර මතකය නැවත අලුත් වීමක් ද වනවා. ඉතින් රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය 2017 වසරේ සිට 2022 වසර දක්වා අඛණ්ඩවම එකම ස්ථානයකට ගොස් ගත් අපූරු ඡායාරූප එකතුවක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණා. ඒ අපූරු සටහනක් ද සමගිනි.

” බැරි බර කරේ තියන් , හැම අවුරුද්දකම එකම තැනක එක විදිහට අපි “

ඒ විදියේ සටහනක් එක්ක අපූරු ඡායාරූප එකතුවක් ඇය සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණා. ඉතින් ඒ සඳහා බොහෝ රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර ඔවුන්ට හිමිවෙලා තිබුණා. ඉතින් ඔවුන් දෙපළට හැමදාමත් මේ වගේ ආදරයෙන් කල් ගත කරන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.