Celebrity Gossip

ගැහැණිය ආර්ථික ලෙස ශක්තිමත් නම් ඇගේ රූ සපුවට අමතරව එය ඇයට ලැබෙන තවත් වටිනා ආභරණයක් – රිද්මා පිලපිටිය

රිද්මා පිලපිටිය කියලා කියන්නේ මේ දවස් වල කා අතරත් කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක්. ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ වන ඇය සුන්දර බිරිඳක් වගේම ආදරණිය පුතෙක්ගේ මවක් ද වනවා. රිද්මා පිලපිටිය නමින් හඳුන්වන ඇයගේම youtube චැනලයක් ඔස්සේ රසික රසිකාවියන් හමුවන ඇයට ඔව්න්ගෙන් ලැබෙන්නේ ඉතාමත් ම ආදරණීය උණුසුම් ප්‍රතිචාරයක්. ඉවුම් පිහුම් ගෙවතු වගාව මෙන්ම ඉතාමත්ම පිලිවෙලට ගෙදර දොර තියන් ඉන්න ආකාරය ගැන ඇය නිරන්තරයෙන්ම ඒ ඔස්සේ රසිකයන් සමඟ බෙදා හදා ගන්නවා. රුවෙන් මෙන්ම ගතිගුණ අතින් ද ගුණ යහපත් කාන්තාවක් වන ඇය ඉතාමත්ම නිහතමානි යුවතියක් ද වනවා. ඉතින් පසුගිය දිනක දී ඇය හරි අපූරු සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණා. ඉතින් එයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාවන්ගේ යහපත් ප්‍රතිචාර ඇයට ලැබී තිබුණා. ඉතිං ඇය සටහන් කරලා තිබුණේ මෙවන් දෙයක්.

” ගැහැණිය ආර්ථික වශයෙන් ශක්තිමත් නම් එය ඇයට ඇගේ රූ සපුවට අමතරව එය ඇයට ලැබෙන තවත් වටිනා ආභරණයකි, අපේ රටේ කොයි තරම් නම් දක්ෂ තරුණියන් කාන්තාවන් ඔවුන්ගේ හැකියාවන් හරි හැටි හදුනා නොගෙන එය මුදල් බවට පරිවර්ථනය කරගැනීමට නොහැකිව දුක්විදිනවාද?

දැන් රටේ පවතින තත්වය එක්ක පවුලක් සැමියා සේම බිරිදත් මුදල් උපයනවා නම් එය පවුලේ ජීවන බර සමබරව උසුලන් යෑමට දෙදෙනාටම පහසුවක් වෙයි. ඒ නිසා ඔබ දන්නා කිනම් හෝ ක්ෂේශ්ත්‍රයක රැකියාවක්, ස්වයං රැකියාවක් පුරුදු පුහුණු වෙන්න අද සිටන් හරි අදිටන් කරගන්න, මොකද පිරිමියෙක්ට විතරක්ම බෑ මේ අධි උද්ධමනයෙන් පිරි ආර්ථිකයක පවුලක් තනියම ගෙනියන්න ඒකට කාන්තාවගේ සම්පූර්ණ හැකියාව ආදරය පවුලට ලබා දිය යුතුම කාලයයි මේ.

දරා ගැනීමට නොහැකි දේවල් පවා හරි ලස්සනට දරා ගන්න හැකියාවක් ඇති කෙනෙක් තමයි ගැහැණිය ඇයට කල නොහැක්කක් නොමැත අවශ්‍ය උත්සහය උවමනාව පමණි….”
(රිද්මා පිලපිටිය)

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.