Celebrity Gossip

දැන් ඇඟ හිරි වැටෙනවා ටෙලි නාට්‍යයකට කතා කළොත් මොනවගේ එකකටද එන්න කියන්නේ කියලා – රොෂාන් රවීන්ද්‍ර

රොෂාන් රවින්ද්‍ර කියලා කියන්නේ අපේ රටේ සිටින අති දක්ෂ සම්මානනීය රංගන ශිල්පියෙක් වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් ද වනවා. ඔහු රංගනයෙන් දායක වූ සියලුම ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණයන් රසික රසිකාවියන් ඉතාමත්ම ආදරයෙන් වැළඳ ගත් අතරම ඒවා සඳහා ඉහළ ප්‍රතිචාර ද ඔහුට හිමි වනවා. ඒ අතුරෙන් උතුවන්කන්දේ සරදියල් , අමුතු මිනිස්සු , සහෝදරයා , හිතුවක්කාරයා , වීරයා ගෙදර ඇවිත් , තණමල්විල කොල්ලෙක් ආදී අග්‍රගණ්‍ය ටෙලි නිර්මාණ රැසක ද ඇඩ්රස් නෑ , ආදරණීය වස්සානෙ , මවුස් , ආලෝකෝ උදපාදී ආදී අතිවිශිෂ්ට සිනමා නිර්මාණ රැසක ද ඔහු සිය තාත්වික රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් පසුගිය දිනකදී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව සහ ඔහුගේ අදහස් හා යෝජනා පිළිබඳව අපූරු කතිකාවතක නිරත වී තිබුණා.

රොෂාන් රවීන්ද්‍ර මහතා ප්‍රථමයෙන්ම අධ්‍යාපනය ලැබුවේ රුක්මල්ගම පාසලේ දීයි. ඉන්පසුව වෑවල රාජසිංහ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඔහු පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලබනවා. ඔහු එකපාරට රංගන ක්ෂේත්‍රයට ආ පුද්ගලයෙක් නොවේ. ඔහුගේ මුල්ම රැකියාව වන්නේ හොටෙල් ශේස්ත්‍රයේ රැකියා වක්. ඉන්පසුව තමයි ඔහුට ප්‍රියන්ත සිරිකුමාර සහ සමරසිරි කඳනගේ යන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සමග සහායට එක්වීමට වාසනාවන්ත වෙනවා. පසුව තමයි ඔහුගේ රංගන ක්ෂේත්‍රයේ ආරම්භය සිදුවන්නේ. ලංකාවේ රංගන පාසල් ගණනාවකින් අධ්‍යාපනය හැදෑරූ ඔහු ඉන්පසුව තරුණ සේවා සභාවේ අවුරුදු දෙකක ඩිප්ලෝමා පාඨ මාලාවක් හදාරනු ලබනවා. ඉන්පසුව සෝමලතා සුබසිංහ, අනෝජා වීරසිංහ වැනි ප‍්‍රවීණයන්ගේ වැඩමුළුවලට සහභාගී වීමට ඔහු වාසනාවන්ත වෙනවා.

මාධ්‍යවේදියා විසින් මේ රටේ කලාව පිළිබඳව ඔහුගෙන් අදහස් විමසූ විට ඔහු දුන්නෙ මෙවන් පිළිතුරක්.

‘මේ රටේ දේශපාලනය වගේම කලාවත් වැදගත්. ඒ බව තේරුම් නොගන්න නිසා තමයි කලාව නන්නත්තාර වෙන්න පිරිහිලා තිබෙන්නේ. අපි තරුණ කාලේ උත්කර්ෂයෙන් හිටියා. අද ගේ ඇතුළට වෙලා ඉන්නවා. දැන් ඇඟ හිරි වැටෙනවා ටෙලි නාට්‍යයකට කතා කළොත් මොනවගේ එකකටද එන්න කියන්නේ කියලා. නිකම්ම පෙනී හිටලා තමන්ගේ ජනප‍්‍රියත්වය තියාගන්න වැඩ කරලා හරියන්නේ නෑ. ලෝකයේ හැම දියුණු රටකම කලාව කියන දේ හොඳින්ම පවතිනවා. අපේ රටේ ඇති වී තිබෙන මේ තත්ත්වයට දේශපාලකයන් වගේම කලාකරුවනුත් වග කියන්න ඕනෙ. අපි ඉගෙන ගත්තේ මේ දේ විතරයි. මෙතනින් එහාට ව්‍යාපාර කරන්න අපි දන්නේ නෑ. අඩුම ගානේ තමන්ගේ වාහනේ වැඩි මිලට විකුණගන්නේ කොහොමද කියලවත් මට නම් තේරෙන්නේ නෑ.’

ඉතින් තවත් බොහෝ කරුණු කාරණා ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී පවසා තිබුණා. ඉතිං අපි කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගධරයාගේ සියලුම ඉදිරි අනාගත කටයුතු ඔහු සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.