Celebrity Gossip

එයා රූම් එකේ ලයිට් එකක්වත් දාන්නේ නැහැ මං ඇහැරෙයි කියලා රොෂාන් ගැන රිද්මා කී අපූරු කතාව

රොෂාන් පිලිපිටිය කියනවාටත් වඩා ඔහුව මේ දවස් වල ගොඩක් දෙනෙක් අමතන්නේ නානායක්කාර කියන නමින්. ඒ මේ දවස් වල ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය තුළ ඔහු රඟ දක්වන අපූරු චරිතය නිසයි. වසර ගණනාවක් මුළුල්ලේ සිට විවිධාකාර චරිත ඔස්සේ සිය රංගන කුසලතාවය විදහා දැක්වූ රොෂාන් පිලපිටිය මේ වන විට දෙවන වරට විවාහ වී ආදරණීය පුතෙකුගේ පියෙක් ද වනවා. සිය දරුවා බිරිඳ සහ තම ආදරණීය මෑණියන් ද ඉතාමත්ම ආදරයෙන් රැකබලා ගන්නා රොෂාන් ඉතාමත් ආදර්ශවත්ව සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. පළමු විවාහයෙන් වෙන් වී ඔහු දෙවන වරට විවාහ වන්නේ රිද්මා පිලපිටිය නම් සුරූපී යුවතියත් සමඟයි. ඔවුන්ට දෙපළ ඉතාමත්ම ආදරයෙන් කල් ගත කරන බව සමාජ මාධ්‍ය තුළින් නිරන්තරයෙන් ම අපට දැකබලා ගන්නට පුළුවන්. ඉතිං රිද්මා පසුගිය දිනකදී සිය සැමියා වන රොෂාන් පිළිබඳව පවසා සිටියේ මෙන්න මේ වගේ දෙයක්.

“ඇත්තටම මම හරිම ආසයි රොෂාන් ඉස්සරහටම යනවා දකින්න. එයා ෂූටින් යන වෙලාවට මාවත් එක්කගෙන යනවා. එයාට පුළුවන් හැම වෙලාවකම මගේ වැඩ වලට උදව් කරනවා. මමත් එහෙමයි රොෂාන්ට ගෙදර වැඩ කරන්න කියලා බල කරන්නේ නැහැ. මොකද එයා මහන්සි වෙලා කලාවේ ඉස්සරහට යනවා දකින්නයි මට ඕන. මම කිව්වත් නැතත් විවේකයක් ලැබුණු වෙලාවට ගෙදර වැඩ වලට සහය වෙනවා. පාන්දර ෂූටින් තිබුනොත් රොෂාන් උදේම නැගිටිනවා, හැබැයි මට ඇහැරවන්නේ නැහැ. හැමදාම බෙඩ් ෂිට් එක අරගෙන මට පෙරවලා යනවා. නැගිටිද්දී රූම් එකේ ලයිට් එකක්වත් දාන්නේ නැහැ මාව ඇහැරෙයි කියලා.

හදිස්සියෙන් වත් මං අසනිප වුනොත් මගේ ලඟින් හෙල්ලෙන්නේ නැහැ. පුළුවන් විදියට එක එක විදියේ කෑම හදලා දෙනවා. මම එයාව බැන්දේ ප්‍රසිද්ධ නිසාවත් රංගන ශිල්පියෙක් නිසාවත් නෙවෙයි. මව තේරුම් ගත්ත හොඳ කෙනෙක් කියලා හිතුන නිසා, නලුවෝ නිලියෝ ලස්සනයි ජනප්‍රියයි ඒ නිසා සමහරු බඳිනවා. එහෙම විවහා වෙලා කාලයක් යද්දී ප්‍රශ්න ඇතිවෙනවා. දෙදෙනාම හොඳ අවබෝධයකින් යුතුව තමයි ජීවිතය ගත කරන්න ඕනේ”

මේ විදියට තමයි ඇය ඉතාමත් ආදරණීය විදිහට පවසා සිටියේ. ඉතින් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය කැදැල්ල හැමදාමත් සතුටින් පිරී ඉතිරී යන්නට අපිත් හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.