Celebrity Gossip

ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10ක් වුණත් තාම රඟපාලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු නාට්‍ය ප්‍රමාණයකට

සේවියර් කණිෂ්ක කියලා කියන්නේ ලංකාවේ තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියට පත් වූ දක්ෂ රංගන ශිල්පියෙක්.ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණ වලට රංගනයෙන් දායකවීමට මෙම කලා කරුවාට හැකියාව ලැබීම ඔහු ලද භාග්‍යයක්.එමෙන්ම වේදිකා නාට්‍ය ඔස්සේ ද ඒ දක්ෂතා පෙන්වීමට ඔහුට හැකියාව ලැබුණා.හෝටල් ක්ෂේත්‍රය ඔස්සේ සිය වෘත්තිය කරගෙන ගිය ඔහු රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ අහඹු ලෙසිනි.ඉතින් පසුගියදා ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට එක් වුනා.එහිදී ඔහුගේ රංගන ගමන පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.

“ඇත්තටම මම රංගනයට තියෙන්නෙ පුදුම කැමැත්තක්.පොඩි කාලේ ඉඳන්ම මම රඟපාන්න ආසයි.ශ්‍යාම් ප්‍රනාන්දු මහත්මයාගේ නාට්‍ය කණ්ඩායමක මම ඉස්සර හිටියා.ඒ වගේම ඔකෙස්ට්‍රා කණ්ඩායමක ගිටාර් වාදනය කරලත් තියෙනවා.එතනදි තමයි මට මුලින්ම රඟපාන්න ආසාව ඇති වුණේ.ඒ කැමැත්ත නිසාම 2011 වර්ෂයේ දී සෝමලතා සුභසිංහ මහත්මියගේ ‘play house’ නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා.”

“A/L වලින් පස්සේ මම හොටෙල් පාඨමාලාවක් හැදෑරුවා.ඉන්පසු හොටෙල් කීපයකම මම සේවකයෙක් විදිහට වැඩ කළා.ඉන්පසු පසු කාලීනව මම ඒ වෘත්තියෙන් ඉවත් වෙලා රංගන ක්ෂේත්‍රයට එනවා.මම දැන් රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 10කටත් වඩා වැඩියි.නමුත් මට රඟපාන්න ලැබුණු නිර්මාණ ප්‍රමාණය අතේ ඇඟිලි ගානටත් අඩුයි.රංගනයෙන් ඉදිරියට යන්නට ලොකු ආසාවක් තිබුණත් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කරන්න අමාරුයි.මොකද විවිධ අවස්ථාවන්වලදී යම් යම් ගැටලු ඇති වෙනවා.එක වෙලාවකට කලාව කියන්නේ මගේ ආත්ම ප්‍රකාශනය.ඉතිං මං හිතනවා මගෙ රඟපෑම හරහා සමාජයට යම් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.” කියලා තමයි අවසාන වශයෙන් පැවසුවේ.

සේවියර් කණිෂ්ක කියලා කියන්නේ කලාව තුළ ඉන්න දක්ෂ මෙන්ම නිහතමානි යොවුන් පරපුරේ රංගන ශිල්පියෙක්.ඉතින් ඔහුගේ ඉදිරි අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම නව නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක හමුවට ඒමට ලැබේවායි සුබ පතනවා.