Celebrity Gossip

වීඩියෝ කෝල් ගන්නෙ ඕන වෙලාවට ඇවිත් බලන්න බැරි කෙනෙක්. මං ආස නෑ වීඩියෝ ශෙයා කරගන්න – හර්ෂි රසංගා

හර්ෂි රසංගා කිව්වම ලංකාවෙන් නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ටැටු විලාසිතා නිසාම කවුරු අතරත් කතා බහට ලක්වෙන මේ ආදරණීය සුන්දර යුවතිය තවමත් විසි තුන් හැවිරිදි වියේ පසුවන නව යෞවනියක්. වැඩි වයසක් නොමැති වුවත් ටෙලිනාට්‍ය කීපයකටම සිය රංගන දායකත්වය ලබා දෙන ඇය ඉතාමත්ම තාත්වික ලෙස සිය රංගන කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි music videos ඔස්සේත් අපට ඇයව දැක බලාගන්නට පුළුවන්. ඒ නිසාම තමයි අද අපි ඇය ගැන කතා කරන්නට සිතුවේ. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව නොදත් බොහෝ දෑ රසිකයන් සමඟ පවසා සිටියා.

ඉතින් ඇයගේ මවගේ හීනයක් තිබුණා ලු ඇයව කවදාහරි නිළියක් කරන්න. ඇය අම්මගෙ බඩේ ඉන්නකොට අක්කට බත් කවද්දි කියනවලු කවද හරි නංගි ලොකු වෙලා නිළියක් වෙයි එයා හොදට කාල කොන්ඩේ දිග නිළියක් වෙයි කියලා. ඉතින් ඇය කියන විදිහට ඒක ඇයගේ හීනයකටත් වඩා ඇයගේ මවගේ හීනයක්. ඒ වගේම මාධ්‍යවේදියා විසින් ඇයගෙන් එක්තරා පැනයක් අසනවා. ඒ තමයි කෙල්ලෙක්ට video calls ලීක් වුනොත් මොකද වෙන්නේ කියලා. ඉතින් එයට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමා, සාමාන්‍යයෙන් ගොඩක් videos call ගන්නෙ ඕන වෙලාවට ඇවිත් බලන්න බැරි කෙනෙක්. හැබැයි මම හිතනවා ආදරේ කියන දේ තියෙනවා නම් relation එක ඇතුළේ එයාලට ඉවසන්න පුළුවන් වෙන්න ඕනි. මගේ ප්‍රතිපත්තියක් තිබ්බා, මම කැමති නෑ photo video share කරගන්න. මම දැකලා තියෙනවා පොඩි කාලේ ඉඳලා ළමයින්ට වෙලා තියෙන දේවල්. එයා මගෙන් ඉල්ලුවොත්. එයා ගරුකරන්න දැනගන්න ඕනි මම කැමති අකැමැති දේවල්වලට. මම කැමති නෑ කියලා කිව්වමත් එයා ඉල්ලනවා නම් ඒ relationship එක තියෙන එකක් නෑ. “

ඉතිං මේ විදියට අදහස් දක්වන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.