Celebrity Gossip

කෙට්ටු වෙන්න හිතෙන්නැති රයිනිගේ කවුරුත් නොදුටු තැඹිලි බෝලෙයි අඟුරු කැටෙයි මෙන්න

රයිනි චාරුකා කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක්. ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරාගේ සහ ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ වැඩිමහල් දියණිය වන ඇය ඔවුන්ගේ කටහඬ එලෙසින් ම උරුම කර ගත් තැනැත්තියක් වෙනවා. නීල කඳු ගැටේ ගීතය ඔස්සේ කාගේත් අවධානයට ලක් වූ ඇය පහුගිය දවස් වල ගායනා කරන ලද කලුවරට හිත බය හින්දා ගීතය සඳහාත් අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය මැද රසික රසිකාවියන් රසවින්දේ එම ගීතය තුළ ඇති අර්ථවත් බව සහ මියුරු කටහඬ නිසාමයි. එම ගීතයේ රූප රචනය සඳහා රංගනයෙන් දායක වී තිබුණේ රයිනි චාරුකා සමඟ දර්ශන් තේවරාජා නමැති දමිල රංගන ශිල්පියායි. එම නිසාම වෙන්න ඇති මේ ගීතය එතරම්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට ඇත්තේ. ඇයට වින්ඩි නමින් නැගනියක් සිටින අතර ඇයත් සංගීත ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වනවා.

පහුගිය කාල වකවානුව තුළදී රයිනි චාරුකා ව අපට සිරස නාලිකාවේ විකාශය වු sirasa voice teen ගායන රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක් විදිහට අපට දැකබලා ගන්නට පුළුවන් වුනා. ඉතින් එහිදීත් ඇයට බොහෝ රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර ම තම පිල දිනවීම සඳහා ඇය සිය උපරිම දායකත්වය ලබා දී තිබුණු බව අපට දැකගන්නට පුළුවන් වුණා. ඇය විවාහ වන්නේ අකිල නමින් හඳුන්වන තරුණයෙක් සමඟයි. ඉතින් ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන මොවුන් දෙපළ හරිම අවබෝධයෙන් තමයි සිය ජීවිතය ගෙන යනවා කියන්නේ. ඉතින් බොහෝ අය කියනවා රයිනි තමන්ගේ ඇඟ ගැන චුට්ටක්වත් හිතන්නේ නැතිලු. ඉතින් ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය වැඩසටහනක දී පැවසුවේ මෙවන් දෙයක්.

” මට කවදාවත් කෙට්ටු වෙන්න ඕන කියලා හිතිලා නැහැ. හොඳට කාලා සතුටින් ඉන්නවා. හැබැයි පහුගිය දිනවල මං මගේ බර කිලෝ 30ක් අඩුකර ගත්තා. ඒ මට ඕන නිසා. ඇත්තටම රයිනි කියන්නේ තමන් කැමති ක්‍රමයට, අනිත් අයට කරදරයක් නැතිව ඉන්න කෙනෙක්. කවුරුත් කියන ඒවා මට වැඩක් නැහැ. “

ඒ වගේම තමයි රයිනි චාරුකා සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමේ ඡායාරූප දෙකක් සමගින් අපූරු සටහනක් පළ කරලා තිබුණා. ඒ තමයි ඇයගේ සුරතලූන් දෙදෙනා ගැන. ඇයගේ පුසාගේ නම අඟුරු වන අතර බල්ලාගේ නම තැඹිලි යි. ඉතින් ඇයගේම ඡායාරූප දෙක සඳහා බොහෝ ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබී තිබුනා. ඉතිං කවුරුත් ආදරය කරන රයිනිගේ සියලුම සංගීත වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.