Celebrity Gossip

ආදරේට සම්පූර්ණයෙන්ම දොරවල් වහලා අගුළුදාලා තියෙන්නේ – රශිපබා සංදීපනි

රෂී පබා සංදීපනී කියලා කියන්නේ මේ දවස් වල කවුරු අතරක් ඉතාමත්ම ජනප්‍රිය චරිතයක්. මේ දවස් වල හිරු නාලිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යය හරහා කාගේත් ආදරය සහ අකර්ශනය දිනා ගන්නා ඇය රංගන ශිල්පිනියක් විදියට විතරක් නෙවෙයි නර්තන ශිල්පිනියක් විදිහටත් නිවේදන ශිල්පිනියක් විදිහටත් වැඩ කටයුතු සිදුකර ගෙන යමින් සිටිනවා. කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම නිහතමානි සුරූපී රංගන ශිල්පිනියක් වන ඇය තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නෙ. ඒ වගේම තවමත් පෙම්වතියක් නොවන ඇය ආදරය සහ විවාහය ගැන එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සිය අදහස් දක්වලා තිබුණා.

ඇය කියන විදියට ඇය ආදරය ගැන හිතන්නේ නැතිලු. ආදරය මායාවක් ලෙස දකින ඇය එය අවිශ්වාස සහගත දෙයක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් නිසා තම වෘත්තිය පිළිබඳ මනා අවබෝධයකින් යුතු සහකරුවකු තෝරා ගැනීම අවශ්‍ය බවත් එසේ නොමැති වුණොත් ගැටළු සහගත ලෙස පවුල් ජීවිතය ගත කරන්නට සිදු වෙනවා කියලත් ඇය පවසා සිටිනවා. ඇය ඒ ගැන අදහස් දක්වන්නෙ මේ විදියට.

“මම ආදරේට සම්පූර්ණයෙන්ම දොරවල් වහලා අගුළුදාලා තියෙන්නේ. මම ඇත්තටම ආදරේ ගැන හිතන්නේ නැහැ. ආදරේ මායාවක් විදියට තමයි මම දකින්නේ. ඇත්තටම මම දැන් ආදරේ විශ්වාස කරන්නේ නෑ. ආදරේ කියන්නේ ආත්මාර්ථයනේ. මිනිස්සු ආදරේ කියලා කරන්නේ ආත්මාර්ථකාමීව තමන්ට අයිති කර ගැනීම විතරයි.

රංගන ශිල්පිනියක් වුණාම ලොකු අවබෝධයක් තියෙන සහයෝගයක් දෙන්න පුළුවන් සහකරුවෙක්ව තමයි අවශ්‍ය වෙන්නෙ. නැතුව රංගන ශිල්පිනියක් කියලා දැනගෙනත් පසුව මාසයක් විතර යද්දී සමහරු අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නීති දාලා හිරකරන්න හදනවා. ඉතිං ඊට වඩා මම මේ වෙලාවේ ලැබිලා තියෙන අවස්ථාවත් එක්ක ඒවට මහන්සිවෙලා මුල්තැන දීලා තමයි වැඩ කරන්නේ. ඔය කියන හරි කෙනා ලැබුණොත් ඉතිං බලමු නැත්නම් ජීවිත කාලෙම තනියම ඉන්න මම ලෑස්තියි. “

මීවිත පුවත්පත් අතිරේකය සඳහා තමයි ඇය මේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.