Celebrity Gossip News

රන්ජන්ට ආදරය කරන අපි බලාගෙන හිටපු දවස

රන්ජන් රාමනායක කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ නොමැකෙන මතක සටහන් සනිටුහන් කරන ඔහු සැබවින්ම ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් පමණක් නොව දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ද වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජනතාවට සේවය කරන ලද ඔහු මේ දිනවල දී රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ඉතින් ඒ පිළිබඳව ලාංකේය බොහෝ ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ මහත් වූ සිත් තැවුලක්.

පසුගිය කාල වකවානුව තුළදී ඔහු නිදහස් කරන්න යැයි කොතෙකුත් අභියාචනා ඉදිරිපත් කළත් එය ඵලක් වූයේ නැහැ. පසුගිය දිනක දී ඔහු රංගනයෙන් දායක වූ the game චිත්‍රපටයේ මංගල එළිදැක්වීම සඳහා ඔහුට සහභාගි වීමට අවසර ලැබීම කාගේත් අවධානයට යොමු වුණා. ඉතින් මේ දිනවල දී ඔහු පිළිබඳව අපට සුබ දායක පුවතක් ආරංචි වෙනවා. ඒ තමයි ලබන සතිය තුළ රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බව. මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තමයි පවසා සිටින්නේ. ඔහු සඳහන් කරන පරිදි මේ වන විටත් ජනපති සමාව ලබාදීමට අවශ්‍ය කරන සියලුම ලිපි ලේඛන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අධිකරණ අමාත්‍යංශය විසින් ලබාදී තිබෙනවා.

ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදීමට යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේදී පසුගිය 13 වැනිදා දිවුරුම් ප්‍රකාශයකටත් අත්සන් කොට තිබෙනවා. ඒ අනුව සකස් කොට ඇති එම ලිපි ලේඛන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුට නිදහස හිමි වන බව තමයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ. ඉතින් මේ පුවත රංජන් රන්ජන් රාමනායක මහතාගේ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට සුභ දායක පුවතක් වන බව නම් නොඅනුමානයි.