Celebrity Gossip

කවදා හරි මම විවාහයකට යයි කියලා හිතනවා මගේ ජීවිතයේ හැල හැප්පීම් වුණා – රනිල් කුලසිංහ

රනින් කුලසිංහ කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් වනවා. ඔහුව මේ දිනවල දී අපට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන මීනු ටෙලිනාට්‍ය ඔස්සේ දැක ගන්නට පුළුවන් වන අතර ඒ සදහා ඔහුට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබෙනවා. ඔබ අප කවුරුත් දන්නා පරිදි ඔහු විවාහ වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී මේනකා පීරිස් සමගයි. නමුත් ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටළු සහගත තත්වයන් හේතුවෙන් එම විවාහය වැඩි කල් පැවතුණේ නැහැ. මේ වන විට තනිකඩ ජීවිතයක් ගතකරන රනිල් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී විවාහ ජීවිතය පිළිබඳව පැවසුවේ මේ වගේ දෙයක්.

‘ මගේ විවාහ ජීවිතය අසාර්ථක වුණා කියලා කලින් වුණ දේවල්වලට අවධානය දීලා ඉදිරි තීරණ ගන්න මහන්සි වෙන්නේ නෑ. මගේ ජීවිතයේ වෙනසක් වෙනවා නම් රනිල් විදිහට මට එදා දැනුණ දේවල් ටිකමයි ඒ වෙනස වෙන දවසටත් බලන්නේ. මම සරල මනුස්සයෙක්. මගේ අඩුපාඩුවක් දකිනවා නම් මම ඒවා හදාගන්නවා. ඒක මගේ වගකීම. ඒ මිසක් කලින් අත්දැකීම්වලින් ඊළඟ තේරීම් කරන්න ගිහින් තව කෙනෙක්ට අසාධාරණයක් කරන්න මම කැමති නැහැ. මම මගේ හිතට දැනෙන අවංක තීරණය ගනියි. ‘

‘ මගේ ජීවිතයේ හැලහැප්පීම් වුණා. ගිය අවුරුද්දේ මගේ අම්මත් නැති වුණා. ජීවිතයේ ලොකු පීඩනයක් ඒක. හැබැයි වෙච්ච කිසි දෙයක් ගැන හිතලා දුක් වෙන කෙනෙක් නෙවෙයි මම. මේ වෙලාවේ මගේ අවධානය සම්පූර්ණයෙන් තියෙන්නේ කලාවට. චිත්‍රපටයක් කරන මගේ ප්‍රධාන අරමුණ වෙනුවෙන් රුසියානු චිත්‍රපට අධ්‍යයනය කිරීම මේ මොහොතෙත් කරමින් ඉන්නවා. වෙන දේවල්වලට මේ කාලේ අවධානය දෙන්න එතරම් කැමැත්තක් නැහැ. ‘

ඒ වගේම මාධ්‍යවේදියා විසින් ඔහුගෙන් නැවත විවාහයක් ගැන හිතන්නේ නැති ද යන්න ඇසූ පැනයට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්.

‘ කවදා හරි මම විවාහයකට යයි කියලා හිතනවා. හැබැයි ඒක ළඟකදි නම් කොහෙත්ම වෙන්නේ නෑ. මගේ ටාගට්වලට ගිහින් විවාහය ගැන හිතනවා. හැමදේම එකට පටලවාගන්න අවශ්‍ය නෑ. ‘

මේ විදිහට තමයි ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී පවසලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මෙම ආදරණීය කලා කරුවාගේ සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.