Celebrity Gossip

ඒ දරුවාව මට දෙනවද කියලත් මම ඒ අම්මගෙන් ඇහුවා එයා බොරු කරනවා නම් ඒ ප්‍රතිඵලය එයාට තියෙයි – පුෂ්පිකා ද සිල්වා

ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු පැළඳගෙන ලෝක විවාහක රූ රැජිණ සඳහා වූ තරඟය සදහා ජාත්‍යන්තරයට ගොස් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වාසනාවන්ත වූ ශ්‍රී ලාංකික කාන්තාවක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ. ඉතින් ඇය ගැන පසුගිය කාල වකවානුව තුළ දී නොයෙක් ආකාරයේ කතන්දර සමාජය තුළ පැතිරුණා. නමුත් ඇය එම කිසිදු කතාවක් ගණනකට නොගත් අතර තම ආදරණීය පුතත් සමඟ ඉතාම සැහැල්ලුවෙන් සහ විනෝදකාමී ව තමයි කාලය ගත කරන්නේ. ඒ වගේම තමයි ඇය බොහෝ සමාජ සත්කාර කරන අතරම බොහෝ පුණ්‍ය කටයුතු සඳහාත් සිය දායකත්වය නිරන්තරවම ලබා දෙනවා. පහුගිය කාල වකවානුව තුළදී pushpika de silva උදව් උපකාර කල එක්තරා කුඩා දරුවෙක් සහ මවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිවුණා. ඉතිං ඒ ගැන ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුනෙ මේ විදියට.

ඇය පවසන විදිහට ඇය පුරුද්දක් විදියට සෑම පෝය දිනයකටම අසරණ අයට කෑම පාර්සල් දෙනවලු. ඉතින් එම අවස්ථාවක දි තමයි ඒ කුඩා දරුවා සහ අම්මව ඇයට මුණ ගැහිලා තියෙන්නේ.

” මම අඳුරන්නෙ නැතිව වුණත් ඒ බබා මම දිහා බලලා හිනා වුණා. ඒ හිනාව දැක්කාම මට ඒ දරුවත් මගේ දරුවෙක් කියලා දැනුණා. ඒ දරුවාව වඩා ගන්න මම අත දික් කරද්දි ඒ දරුවා මගේ අතට පැන්නේ හරිම කැමැත්තෙන්. ඒ දරුවාව මට දෙනවද කියලාත් මම ඒ අම්මාගෙන් ඇහුවා. කොහොම වුණත් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් ඈත් කරන එක නරක දෙයක් නිසා මම ඒ අම්මටයි දරුවටයි පුළුවන් විදිහට උදව් උපකාර කළා. “

ඉතින් ඇය එලෙස උදව් කළ එම කාන්තාව මත්දව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් උපයන බවට කට කතාවක් පැතිරුණා. ඒ නිසාම පුෂ්පිකා ඇයට උදව් කිරීම නිසා බොහෝ දෝෂාරෝපණ වලට ලක්වීමටත් සිදුවුණා. ඉතින් ඒ ගැන ඇය පවසා සිටියේ මෙවැන්නක්.

“ඒ කාන්තාව බොරුවක් කරනවා නම් වංචාවක් කරනවානම් ඒ ප්‍රතිඵලය ඒ අයට තියෙයි. මම කළේ දරුවාට උදව් කළ එක. මම මේ දේවල් වීඩියෝ කරලා සමාජ මාධ්‍යවලට දාන්නේ තව කවුරුහරි මේ දේවල් දැකලා තවත් එක්කෙනෙක්ට හරි උදව් කරයි කියලා යහපත් චේතනාවෙන්. ලෝකයේ බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පවා අන්‍යයන්ට උදව් උපකාර කරන දේවල් මාධ්‍යවලට මුදා හරිනවා. එහෙම කළොත් තමයි තව කෙනෙක් ඒ දේවල් දැකලා අනෙක් අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.