Celebrity Gossip

ප්‍රහසනයෙන් කලාව ජයගත් අපූරු සහකාර විදුහල්පතිතුමා

ප්‍රියන්ත සෙනෙවිරත්න කියලා කියන්නේ කලා ලොව තුල සිටින අති දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම තමයි ඔහු නිවේදන ශිල්පියෙක්ද වෙනවා.කලාව තුළ විශාල මෙහෙවරක් සිදු කළ ද ඔහු වෘත්තීමය වශයෙන් සහකාර විදුහල්පතිවරයෙක් ලෙස සේවය කරනවා.ප්‍රියන්ත සෙනෙවිරත්න කියනවාටත් වඩා ඔහුව කලාව තුල ප්‍රසිද්ධ වී ඇත්තේ ඔහු රංගනයෙන් දායක වූ චරිතයන්හි නම් ඇසුරෙනි.ස්වාධීන රූපවාහිනී සේවය විකාශය වු පබලු ටෙලි නාට්‍යයේ “බෙනා මාමා” ප්‍රහසන චරිතය ඔස්සේ ඉතා විශාල රසික රසිකාවියන් පිරිසකගේ ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.අදටත් ඔහු ව බොහෝ අවස්ථාවල දී ආමන්ත්‍රණය කරන්නේ බෙනා මාමා යන නමිනි.ඉතින් අද අපි ඔහු පිළිබඳව කතා කරන්න සිතුවා.ඔහු සිය කතාවට මූලාරම්භය ගත්තේ මේ අයුරින්.

“මේ දවස්වල ටෙලි නාට්‍ය දෙක තුනක රූගත කිරීම් වලට සූදානම් වෙමින් සිටිනවා.ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වු පබළු ටෙලිනාට්‍ය කොතරම් පැරණි වුවත් අදටත් මාව “බෙනා මාමා” කියන නමින් තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ.ඇත්තටම ඒක හරි අපූරු චරිතයක්.මහේෂ් රන්සර මද්දුම ආරච්චිගේ පස්සේ පස්සේ බෙනා මාමා කියන චරිතය කතාවට නැතුවම බැරි චරිතයක් බවට පත් කිරීමට රූප රාමු පවා ඇතුළත් කළා.

ඇත්තටම මම ප්‍රහසනය පිළිබඳව හැදෑරීමක් කරල නැහැ.ඒක මගේ සහජ දක්ෂතාවයක්.මගේ ඇඟේ සිටි ප්‍රහසන රංගවේදියා මට කතා කළා.ඒකට ප්‍රතිචාර දැක්වුවා විතරයි.ඉතින් ගොඩක් ප්‍රේක්ෂකයන් මට ඒ සඳහා විවිධාකාරයේ ප්‍රතිචාර ලබා දුන්නා.

මම වෘත්තීමය වශයෙන් විද්‍යා සහ තාක්‍ෂණය යන විෂය තුළ මම වසර තිහක් පමණ ගුරු සේවයෙහි නිරත වුණා. කිසිම දවසක ප්‍රින්සිපල් මහත්තයා හෝ මා සමඟ සිටි සිසුන් අතර මම අපහසුවට පත්වෙලා නැහැ. ‘සහකාර විදුහල්පති’ තනතුර තුළද මම පසුකාලීනව පාසල් කිහිපයක සේවය කළ.එතැනදී පවා මම කවදාකවත් මගේ ප්‍රහර්සනාත්මක චරිත රංගනය නිසා හෑල්ලුවට ලක්වී නැහැ. ඒ වාගේම මගේ හොඳම විචාරකයන් සහ විවේචකයන් වූයේද මා සේවය කළ පාසල්වල ගුරු මඬුල්ල සහ සිසු සිසුවියොයි.ඉතින් ඒ ගැන මට තියෙන්නෙ තියෙන්නේ ලොකු සතුටක්.

හාස්‍ය තුළ මම වේදිකාවේ රැඟූ වාර ගණන අවමයි. ‘මහාඝාත,’ ‘ත්‍රිත්ව,’ ‘බිසෝ,’ ‘වළලු,’ ‘සැණකෙලි,’ ‘ගුරු තරුව’ සහ ‘යක්ෂාගමනය’ යන සියලු නිර්මාණයන් තුළ මම ප්‍රවීණයන් හමුවේ කළු-සුදු චරිත මෙහෙවරක යෙදුණා. ඒ වාගෙම මෙතැනදී කිවයුතු තව යමක් තිබෙනවා. මගේ සමහර ප්‍රහර්සනයන් තුළද මම සංකීර්ණත්වය පිළිබිඹු කළ අවස්ථාද තිබුණා. ‘පිනි’ සහ ‘පොඩි මාමා’ ටෙලිනාට්‍යයන් එයට හොඳ නිදසුනක්. සම්භාව්‍ය චරිත රංගනයන්ට මම ප්‍රියයි. ඒ වාගේම ඇතැමුන්ට කරන්නට අපහසු අනුන් හිනස්සන චරිතයන් තුළින්ද මා ලබන ආශ්වාදය අපමණයි.”

යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ කලාව තුළ පමණක් නොව දුවා දරුවන්ගේ නෙත් පෑදීම සඳහා නිරතුරු වෙහෙස මහන්සි වන ආදරණීය පියෙක් ද වනවා.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.