Celebrity Gossip

ප්‍රින්ස් නැති උන වෙලාවේ වගේම හැම කලාකාරයෙකුට ම පිහිටවෙන එක මගේ හැටියක්

කීර්ති පැස්කුවල් මහත්මයා කියන්නේ අපේ රටේ කලාකරුවෝ බොහොමයකට පිහිට වෙච්චි බොහොම අපූරු චරිතයක්. කඳුළ ඉතිං සමාවන්න. ගීතය හරහා රසිකයන්ගේ ආදරය දිනාගත් ඔහු ගායක ගායිකා සංගමය පිහිටුවලා සරණක් නැති ගොඩක් කලාකරුවන්ට පියකු මෙන් පිහිට වුණු චරිතයක්.

ඔහුගේ විශේෂත්වය තමයි වයසට නොයන හරි අපූරු කටහඬත් අපූරු රූපකායත්. මිනිස්සුන්ට අහගෙන ඉන්න පුළුවන් හරි අපූරු සංගීත රටාවක් ඔහු විසින් බිහි කළා.ඔහු ගායකයකු විතරක් නෙවෙයි සංගීත විනිසුරුවරයෙකු වශයෙන් රටේ ජනප්‍රිය තරගාවලි වල කටයුතු කරලා. ක්ෂේත්‍රයට අලුත් මුහුණු බිහිකරන්න නායකත්වය ලබා දීලා තියෙනවා.

ඒ වගේම ඔහුගේ ගායක ගායිකා සංගමය හරහා කලාකරුවන්ට පිහිට වෙන්න විශාල වැඩපිළිවෙළක් පටන් ගෙන තියෙනවා. රෝගාතුර වෙලා ඉන්න කලාකරුවන් රැසකට පිහිට වුණා වගේම. ජීවිතයෙන් සමු ගත් කලාකරුවන් රැසකගේ අවසාන කටයුතු පවුලෙ අයගේ සුබ සිද්ධිය ඔහු විසින් මෙහෙයවපු ගායක ගායිකා සංගමය මගින් සිදු කරනු ලැබුවා.

කලාකරුවන්ගේ ජීවිතේ තීරණාත්මක අවස්ථාවලට සිදුකරන ලද මැදිහත්වීම පිළිබඳ ඔහු සතුටු සිතින් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

පසුගිය දවසක ආනන්ද පෙරෙරා සංගීත ශිල්පියා රෝගාතුර වෙලා ඉන්නකොට ඔහුට උපකාර කරා . ඔහුගේ ශල්‍යකර්මයට අවශ්‍ය සියලු මුදල් සංගීත ප්‍රසංගයක් පවත්වා ලබා දුන්නා. ඒ වගේම තමයි අප අතරින් වෙන් වුනු . prins udepriyantha මහත්මයාගේ දේහය නිදහස් කරගැනීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කළා වගේම. අවසන් කටයුතු කිරීමට ද උදව් උපකාර කළා. සංගීත ප්‍රසංගයක් පවත්වා පියවීමට තිබූ සියලු මුදල් පියවා .ඉතිරිය ඔහුගේ සහෝදරියට ලබා දුන්නා.

මිනිස්සුන්ට උදව් කිරීම වෙනුවෙන් සිදු කරන මෙවන් මානව හිතවාදී ක්‍රියා නිසා කීර්ති පැස්කුවල් මහත්මයා සමාජය විශාල ගෞරවාදරයක් හිමි කරගෙන ඉන්නවා. ඔහුට තව තව නිර්මාණ බිහි කරන්න ජීවිතය සතුටින් ගෙවන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..