Celebrity Gossip

මගේ ආදර කතාව ගැන කියන්නේ මම විවාහ වුනු දවසට – පූජානි භාග්‍යා

පූජානි භාග්‍යා කියලා කියන්නේ පුංචි තිරය තුල සිටින දඟකාර හැඩකාර රුවැත්තියක්. රංගනයට මෙන්ම නිවේදනයට එකසේ දස්කම් පාන ඇය කලා ක්ෂේත්‍රය තුළට පිවිසෙන්නේ 2017 වසරේ හිරු අවුරුදු කුමරිය වීමෙන් පසුවයි. හුස්මක් තරමට , අපි අපේ , අසංවර වැස්සක් වැනි ටෙලි නාට්‍ය තුළින් රසික හදවත් ස්පර්ශ කළ ඇය මේ දිනවලදී ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන මැස්සා ටෙලි නාට්‍ය ඔස්සේ දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් පසුගිය දිනක ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳ බොහෝ කරුණු රසිකයන් වෙත ගෙන ආවා.

‘ පසු ගිය කාලේ පුරාවටම මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය හැම නාලිකාවකම වගේ විකාශය වුණු නිසා මං පොඩි විවේකයක් ගන්න සිතුව. මාස අටක් නවයක් ම මම කිසිම නිර්මාණයක් බාර ගත්තෙ නැහැ. විවේකය තිබුනෙ ටෙලි නාට්‍ය වල විතරයි. හැබැයි photoshoot වලටයි නිවේදන කටයුතුවලටයි සහභාගි වුණා. මම මේ දිනවල දින වල රංගනයෙන් දායක වන පිංකි කියන චරිතය ඇතුළේ මගේ ගති ලක්ෂණ වලටත් පොඩි සමානකමක් තියෙනවා. මමත් කවදාවත් මගේ ආත්මය පාවා දෙන කෙනෙක් නෙවෙයි. කලාව ඇතුළේ ගත්තත් ඕන කෙනෙක්ට සතියෙන් දෙකෙන් ජනප්‍රිය වෙන ඕන තරම් කෙටි මාර්ග තියෙනවා. ඒ මාර්ග වල ගිය අය ටික කාලයකින් ආයෙමත් හිටපු තැනටම වැටිලා තියෙනවා. රග නොපෑවත් මට එහෙම ජනප්‍රිය වෙන්න ඕන නැහැ. මගෙ දක්ෂතාව අනුව මම ඉස්සරහට යනවා.

මගේ ආදරය ගත්තොතින් මටත් ආදර කතාවක් තියෙනවා. ඒ ගැන ගොඩක් දෙනෙක් අහනවා. ඒත් මං ඒ ගැන කියන්නේ අපි විවාහ වුණු දවසට විශේෂයෙන් විවාහ වෙනවා කියලා සියලුම කටයුතු සූදානම් උනාට පස්සේ. ලබන වසරේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගයාන් කියලා කියන්නේ මගේ ජීවිතේ හොදම හොඳම යාළුවෙක්. ගයානුයි මමයි පෙම්වතුන් ද කියන දේට මම මේ වෙලාවේ උත්තරයක් දෙන්න ඕන නැහැ. අනාගතේ දවසක මේක යාලුකමක් ද ආදරයක් ද කියන එක මම කියනවා. ‘

මේ විදිහට තමයි ඇය එහිදී කියා සිටියේ. ඉතිං ඇයගේ සිතුම් පැතුම් සියල්ලම එලෙසින් ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.