Celebrity Gossip

පුංචි තිරයේ අපූරු පෙම්වතිය පෙම්වතා ගෙන කියූ දේ මෙන්න

හිරු අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වීම තමන්ගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණු ඇය ද්‍රවිඩ සම්භවයක් ඇති දුටුවන් ආකර්ෂණය කරන සිනහවකින් මුව සරසාගෙන සිටින පූජනී භාග්‍යයා . මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශයින්ම ජනාදරයට පත්වූ මැස්සා ටෙලි නාට්‍යයේ අති දක්ෂ රංගනයක යෙදෙන ඇය . නිරූපණ ක්ෂේත්‍රය ද දස්කම් දක්වනවා . සමාජ මාධ්‍ය තුළ බොහෝ ප්‍රචලිත චරිතයක් බවට පත්වී ඇති පූජනී නාඩි අසංවර වැස්සක් නෑනලා රේස් වැනි ටෙලිනාට්‍ය ගණනාවකම රංගනයෙන් දායක වුණා.

ඒ වගේම ජනප්‍රිය මියුසික් වීඩියෝ රාශියකම ප්‍රධාන චරිතය හෙබවූ හෙබවූ පූජණී වෙනස්ම විදිහේ photoshoot හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. එහෙම ඡායාරූප එකතුවක් නිසා පූජනීය සහ ගයාන් ගැන යම් කටකතාවක් පවා නිර්මාණය වුණා. නමුත් ඒ දෙන්නා කියන්නේ තමන් හොඳම මිතුරන් කියලා කොහොම නමුත් පූජනී ඇයගේ මුහුණු පොත හරහා ගයාන් ගැන හරි ආදරණීය වදනක් සටහන් කරලා තිබුණේ මෙහෙමයි

ඔයාට මහමෙරක් ආදරේ දෙන ඔයාට සැබැවින්ම අවංක වෙන තාත්තෙක් සහෝදරයෙක් දරුවෙක් වගේ ආදරයෙන් පරිස්සං කරන ඔයාට ගරු කරන ඔයාගේ ගරුත්වයේ රකින වැටෙන හැම තැනකදිම ඔයාව දිරිමත් කරන ඔයාගේ සතුටෙදි සතුටු වන සෙනෙහෙවන්ත පිරිමියෙක් ලබන්න නම් ඔහු වෙනුවෙන් අසීමිත යුතුකම් හා කැපකිරීම් අනිවාර්යෙන්ම ඉටු කරන්න වෙනවා.

පූජනී ගෙයි ගයාන් ගෙයි ප්‍රසිද්ධ නොවුනු ප්‍රසිද්ධ ආදර කතාව ලස්සන විවාහයක් දක්වා යන්න අපි හැමෝම ආශිර්වාද කරනවා.