Celebrity Gossip

40 පැන්නත් තාම පිස්සු හැදෙන රුවක් ඇති පූජා උමාශංකර්

පූජා උමාශංකර් කිව්වම මේ වනකොට නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම ඇගේ සුන්දර රුවටත් ආදරණීය කතාබහටත් තාත්වික රංගනයටත් බොහෝ රසික රසිකාවියන් ප්‍රිය කරනවා. ඒ නිසාම ඇය ජනප්‍රියම නිළිය ලෙස අවස්ථා කීපයකදීම අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාව විසින් ඔසවා තබනවා. පසුගිය සරසවි සම්මාන උලළේ දී ඇය හොඳම නිළිය සම්මානයෙන්ද පිදුම් ලබනවා. ඒ සරිගම චිත්‍රපටයේ දී රඟ දැක්වූ තාත්වික රංගනය හේතුවෙනි.

පූජා උමාශංකර් ට තියෙන්නේ ඉන්දියානු සහ ශ්‍රී ලාංකික මිශ්‍ර සම්භවයක්. සන්ධ්‍යා නම් ශ්‍රී ලාංකික සිංහල කාන්තාවකට හා එච්.ආර්. උමාශංකර් නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු හට දාව ඉපදුනු ඇය දෙමළ, මෙන්ම සිංහල,තෙලිගු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියක් ද වනවා. ප්‍රාථමික අද්‍යාපනය ලංකාව තුලදී අවසන් කොට ඉන්පසුව ඇය ඉන්දියාව වෙත ගොස් අද්‍යාපනය අවසන්කොට උපාදිය ද ලබා ගන්නවා. ඇය ශ්‍රී ලාංකීය සිනමාවට මුලින්ම හඳුන්වා දුන්නේ චන්න පෙරේරා විසිනුයි.

ඉතින් ඇය ක්ෂේත්‍රයට ආපු මුල් දවස්වල නම් ගොඩක් අය විවිධාකාර දේවල් කිව්වා. ඇය ලාංකීය සිනමාව තුළ රංගනයෙන් දායක වීම ලංකාවේ නළු නිළියන්ට කරපු අපහාසයක් කියලත් සමහර අය පවසා සිටියා. ඇය චිත්‍රපට හතක පමණයි සිය රංගන දායකත්වය ලබා දෙන්නේ. නමුත් ඇගේ පළමු සිනමා නිර්මාණයෙන්ම රටම හඳුනන ආදරය කරන රංගන ශිල්පිනියක් වීමට ඇයට පුළුවන් වුණා. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ පූජාගේ තිබූ ලෙන්ගතු බවත් පොළොවේ පයගසා ජීවත්වන සරල නිහතමානී ගතිගුණ ඇති තරුණියක් වීමයි.

පූජා උමාෂංකර් ඉන්දියාවෙන් ලංකාවට පැමිණියත් ඇය ඉපදෙන්නේ ලංකාවේ සොයිසා රෝහලේදී. ඒ වගේම පූජාගේ උප්පැන්න සහතිකය ලියවෙන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් ඇයට මේ භූමිය ගැන වගේම මේ භූමියේ මිනිසුන් ගැනත් කැක්කුමක් තියෙනවා. ඒ නිසාම තමයි ඇයට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නේ. ඉතින් තාමත් කෙල්ල වගේ හිටියට පූජාට දැන් අවුරුදු 41ක් වෙනවා. ඇය 2014 දී ශ්‍රී ලාංකික නිරූපන ශිල්පියෙකු වන දීපක් ශන්මුගනාදන් සමඟින් යුග දිවියට එලබුනා. ඉතිං මේ වන විට ඉතාම සාර්ථක යුග දිවියක් ගත කරන ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.