Celebrity Gossip

මම ඇඟපතින් පොඩි නැති වුණාට මනසින් තවම පොඩියි. විවාහයට තවම මානසිකව සූදානම් නැහැ

සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ මේ දවස් වල සමාජ මාධ්‍යයන් තුළ ඉතාම ජනප්‍රිය චරිතයක්. ඇයටම ආවේනික වූ බටහිර පෙනුමක් සහිත රුව නිසාම බොහෝ රසික රසිකාවියන්ගේ නිරන්තර ආදරයට ලක් වීමට ඇයට පුළුවන් වෙලා තියෙනවා. බොහොමයක් music videos තුළ රූප රචනයෙන් දායක වන ඇය පසුගිය දිනකදී ඇය සහ ඇගේ පෙම්වතා වන පියත් එක්ව ගීතයක් ගායනා කළ අතර ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණනක් තිබුණා.

ඉතින් ඇය කියන විදිහට ඇයගේ තේරීම් වලට ඇයගේ පෙම්වතා වන පියත්ගෙන් කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැතිලු. ඒ වගේම තමයි ඇයගේ සෑම කටයුත්තකටම වගේ ඔහු ඇයව දිරි ගන්වන වන බව සහ රංගන ක්ෂේත්‍රයේ ඇගේ යහළුවන් සමඟ ඔහු ඉතාම මිත්‍රශීලී බවත් ඇය කියා සිටිනවා. ඒ වගේම ඇය ඔහුගේ විශ්වාසය දිනා ගෙන කටයුතු කරන බවත් ඔහුත් එක්ක ජීවත් වීම ඉතාම පහසු බවත් කියා සිටිනවා. ඉතින් කලා ක්ෂේත්‍රය තුළ දී ඇයට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා තිබුණේ මේ වගේ දෙයක්.

” අපිට ආදරය කරන අය වගේම ආදරය කරන්නේ නැති අයත් ඉන්නවා. මුල් කාලේ නම් සමහර කතා අහන්න අමාරු වුණා. කාලයත් එක්ක හැමදේටම පුරුදු වෙනවා. සමහර අය කියන දේවල් දැන් ගණන් ගන්නෙම නැහැ. පීඩා කරන දේවල් මගේ ජීවිතයට නොඑන්න ඒ ස්වීච් එක දැන් මම ඕෆ් කරලා තියෙන්නේ. එතකොට ජීවත් වෙන්න හරි පහසුයි. “

ඒ වගේම ඇය එහි දී විවාහය පිළිබඳවත් සිය අදහස් දක්වලා තිබුන මේ විදිහට…

” දැන්ම නම් විවාහය සිද්ධ වෙන්නේ නැහැ. මම ඇඟපතින් පොඩි නැති වුණාට මනසින් තවම පොඩියි. ඒ නිසා විවාහයට තවම මානසිකව සූදානම් නැහැ. මටයි පියත්ටයි තනි තනිව ජයග්‍රහණය කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි දෙන්නා ඒ ටිකත් සම්පූර්ණ කරගෙන විවාහ වෙනවා. කොහොමත් ඒකට තව අවුරුදු 3 ක් 4 ක් යයි. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.