Celebrity Gossip

මම නොලැබෙන දේවල් ගැන පසුතැවෙන ජාතියේ කෙනෙක් නෙවෙයි – පියුමි ශ්‍රීනායක

පියුමි ශ්‍රීනායක කියලා කියන්නේ ලංකාවේ නූතන තරුණ පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම මෝස්තර නිරූපණ ශිල්පිනියක් වනවා.ඇය කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ මෝස්තර නිරූපණය ඔස්සේයි.ඒ වගේම තමයි නූතන තරුණ පරපුරේ බිහිවුණු බොහෝ මියුසික් විඩියෝස් වලට ඇය රූප රචනයෙන් දායක වී තිබෙනවා.ඒ වගේම තමයි පුංචි තිරයේ ටෙලි නාට්‍යය තුළ මෙන්ම සිනමාව ඔස්සේ ද අපට ඇය දැක බලාගන්නට පුළුවන්.ඉතින් සුන්දරත්වයෙන් පිරිපුන් මේ යුවතිය අද වන විට බොහෝ රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් තරුවක් වී හමාරයි.මේ වන විට විවාහ වී සිටින පියුමි පසුගිය දිනෙක එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ නවතම තොරතුරු අපත් සමග පැවසූයේ මේ අයුරින්.

“මේ වනකොට රටක් දන්න කාන්තාවක් වීම ගැන ඇත්තටම ලොකු සතුටක් දැනෙන්නෙ.පාරේ යනකොට වුණත් ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබෙනවා.මම දැන් නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉන්නේ.මොකද මම හිතන විදිහට දැන් නිරූපණය කියලා දෙයක් ලංකාවේ නැහැ.මගේ එකම බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යන්න තමයි.ඇත්තටම රංගන ක්ෂේත්‍රයට එන්න ගොඩක් අය ලොකු උත්සාහයක් දරනවා.නමුත් රටේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වීම ඇත්තටම අමාරු දෙයක්.ඒකට උත්සාහය වගේම උනන්දුවත් ඕන කරනවා.ඒ වගේම ඒ සඳහා වාසනා ගුණයත් අනිවාර්යෙන්ම බලපානවා.ඉතින් මං මේ ආපු දුර ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් සහ සතුටක්.

මම තාම වෘත්තීය නිළියක් කියන්න බැහැ.මොකද මම මේ දවස්වල ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කළා.ඉතින් මේ කාලෙත් එක්ක රංගනය විතරක් වෘත්තියක් ලෙස කරගෙන යාමත් ටිකක් අමාරුයි.මම මේ තැන ඉන්නවනම් ඉන්නේ මගෙම උත්සාහය හා කැප වීමෙන්.මම කාගෙන්වත් ලොකුවට බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙවෙයි.මගේ සැමියාගෙන්වත් අම්ම තාත්තගෙන්වත් මගේ දේවල් වලට සහයෝගයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.මොකද මම විශ්වාස කරන දෙයක් තමයි කරන දේ හරියට කරනවනම් එතන පැවැත්මක් තියෙනවා කියන එක.

සිනමාවේ මම රඟපාපු චිත්‍රපට තාම ප්‍රදර්ශනය කරන්න බැරි වෙලා තියෙනවා මේ වසංගත සමයත් එක්ක.මොකද ඒ චිත්‍රපට නිෂ්පාදනය කරපු අය ඒවා ප්‍රදර්ශනය කරන්න අකමැතියි මේ කාලයේ පාඩු ලබයි කියල.මම ජීවිතේ බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙවෙයි.ඒ වෙලාවට ලැබෙන දේ ඒ වෙලාවට කරනවා.නොලැබෙන දේවල් ගැන හිතන්නේ නැහැ.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.