Celebrity Gossip

මම ආයෙ විවාහ වෙන්නේ නැහැ කියලා හිතුවා ආදරේ නම් විඳිනවා – පියුමි බොතේජු

පියුමි බොතේජු කියලා කියන්නේ කටකාර හැඩකාර කවුරුත් ආදරය කරන ආදරණීය සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වන සියලුම සිනමා නිර්මාණයන් ටෙලි නිර්මාණයන් මෙන් ම වේදිකා නාට්‍ය නිර්මාණයන් ජනතාව ආදරයෙන් වැළඳ ගනු ලබන්නේ ඇගේ තාත්වික රංගන හැකියාව නිසාමයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පබා ටෙලිනාට්‍යය තුළ හිමාලිගේ චරිතය තුළින් ඇය බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගනු ලැබුවා. බොහෝ කොමඩි චරිත වලින් කරළියට ආ ඇය මේ දිනවල දී ඉන් ඔබ්බට ගොස් විවිධ චරිත ඔස්සේ අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. මීනු , කියා දෙන්න ආදරේ තරම් , බන්දනා ආදී ටෙලි නාට්‍ය තුළින් අපට ඇයව දැක බලා ගන්නට පුළුවන්.

පසුගිය දිනකදී ඇයගේ ජන්ම දිනය යෙදී තිබුණා. සෑම උපන් දිනයකටම ඇය අසරන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා මෙන්ම බොහෝ පුණ්‍ය කර්ම සිදු කරනු ලබනවා. නමුත් මෙවර උපන්දිනයට ඇය වෙනස්ම ආකාරයේ කටයුත්තක් සිදු කරලා තියෙනවා. ඒ තමයි ගමේ පන්සලේ අරංගල රිදී දේවාලයේ බණ දෙසුමක් සංවිධානය කිරීම. සඳහා බොහෝ ගම් වැසියන් සහභාගි වූ අතරම ඇය photoshoot එකක් ගැනීමටත් අමතක කරලා තිබුණේ නැහැ. ඇයට රංගන ශිල්පිනියක් වීමට අවස්ථාව ලැබෙන්නේ අහම්බයෙන්. ඉතින් ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ මේ විදිහට.

‘ මම ලක්හඬ අවුරුදු කුමාරී තරගයට යන්නේ මගේ මාමා නිමල් ආරියරත්න නිසා. මාමා තමයි පත්තරේ ඇඩ් එක දැකලා එයාලගේ ගෙදර තිබ්බ ෆොටෝ එකක් එක්ක ඒකට අයදුම් කරලා තිබ්බේ. ඉස්සර අපිට තිබ්බේ බයිසිකල් එකක්. නමුත් ගියේ ත්‍රීවිල් එකක. යද්දී ටිකක් පරක්කු වෙලා. ඒ වෙද්දී 30ක් විතර ස්ටේජ් එකට නැගලා තිබ්බේ. මටත් අවස්ථාව ආවා. සාමාන්‍ය දැනීම තමයි හොඳට ම බැලුවේ. එදා මාව තමයි තේරුණේ. ජොබ් එකත් ලැබුණා. පස්සේ මම උසස් පෙළ කරා. නිවේදිකාවකුත් වුණා. අවුරුදු කුමාරී නොවුණා නම් කවුරු වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ රංගනයට ආරාධනා ආවා. තවම නිළියක් විදිහට වැඩ කරනවා. ‘

ඒ වගේම ඇය ආදරය සහ විවාහය පිළිබඳව කියා සිටියේ මේ වගේ දෙයක්…

‘ මම ආයෙ විවාහ වෙන්නේ නෑ කියලා හිතුවා. අපිට පෙට්‍රල් නැතුව වාහනේ පදින්න බැහැ වගේ තමයි ආදරේ නැතුව ජීවත් වෙන්න අමාරුයි. ආදරේ නම් විඳිනවා. මට පෙම්වතෙක් නැහැ. මගේ ජීවිතේ ට නොලැබුණු එකම දේත් අවංක ආදරයක් කිව්වොත් හරි. සමහර වෙලාවට හිතෙනවා මට මුණගැහුණු සමහර අය මුණනොගැහුණා නම් කියලත්. ජීවිතේ ගත්ත සමහර තීරණ ගැන දැන් පසුතැවීමක් නැහැ. මාව කාටවත් වට්ටන්නත් බැහැ. මම වැටුණොත් හරි ඉක්මනින් ආයෙත් නැගිටිනවා. ‘

මේ විදිහට තමයි ඇය කියලා තිබුනෙ. ඉතින් කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.