Celebrity Gossip

එයා පහ වසරෙදිත් පඩිපෙල ගාව බෑග් එක දාලා ඇවිත් මගේ කිරි බොනකොටයි මට ඇහැරෙන්නෙ – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කිව්වම කව්ද නොදන්නෙ. මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් වන ඇය ඉතාමත්ම සුන්දර කාගේත් ආකර්ශනය දිනා ගන්නා ආදරණීය යුවතියක්. මේ වන විට කාවිංග නමින් හඳුන්වන ආදරණීය පුතෙක්ගේ මවක් වන ඇය ඇගේ මව සහ ඇගේ පෙම්වතා සමඟ තමයි ජීවත් වෙන්නේ. බොහෝ සමාජ සත්කාර සඳහා සිය උපරිම දායකත්වය ලබා දෙන ඇය කාගේත් ආදරය දිනා ගන්නටත් එය හේතුවක්. ඉතින් කවුරුත් දන්නවා පියුමි හංසමාලි පසුගිය කාල වකවානුවේදී ඔහුගේ පෙම්වතා පිළිබඳව කලකිරී විවාහ නොවන්නටත් තමයි තීරණය කර තිබුණේ. නමුත් දැන් ඇගේ ජීවිතයට සතුට අරගෙන ප්‍රගීත් නමින් හදුන්වන කඩවසම් තරුණයෙක් ඇයට පෙම් කරනවා. ඉතින් ඔවුන් දෙදෙනා එක්ව කරන බොහෝ දේවල් ඇය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ පලකරනවා අපට දැකගන්නට පුළුවන්.

ඉතින් පසුගිය කාල වකවානුව තුළ පියුමි හංසමාලි නතාෂා පෙරේරා කියූ එක් රූපලාවන්‍ය කතාවක් නිසා ටිකක් තද වදනක් කියලා තිබුණා. කහ සහ කස්තුරි වලින් පමණක් නතාෂා පෙරේරා සුදු වූවා යැයි කියූ නිසා පියුමි හංසමාලි එයට ටිකක් රිදෙන පිළිතුරක් තිබුණා. ඉතින් මීට බොහෝ කලකට පෙර පියුමි හංසමාලි ප්ලාස්ටික් සැත්කම් කරලා තිබේ දැයි එක්තරා මාධ්‍යවේදී පියුමිගෙන් ඇසූ පැනයකට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” මුලු ලෝකයක් ම ඒවා කරනවා. කයිලේජා තමයි වැඩියෙන්ම කරලා ඇත්තෙ මම හිතන්නේ. ලංකාවේ මිනිස්සු කියන්නෙ පියුමි ගිහින් බූබ්ස් හැදුවලූ කියලනේ. මම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. අපි ළමයින්ට කිරි දෙනකොට ඇඟ වැරහිලි වෙනවා. මම මගෙ දරුවට අවුරුදු 8ක් කිරි දුන්නා. දැන් එයාට 11යි. එයා ඉස්කෝලේ පහ වසරෙදිත් ටක් ගලා පඩිපෙල ගාව බෑග් එක දාලා ඇවිත් මගේ කිරි බොනකොට තමයි මට ඇහැරෙන්නෙ. එයාගේ කිරි සම්පූර්ණයෙන්ම හිඳුනට පස්සෙ තමයි මම ඔපරේෂන් එක කරගත්තේ. මොකද ළමයින්ට කිරි දීල ඉවර වෙද්දි ඇඟ වැහැරිලා. මම ගිහින් ඒක හදාගත්තා. මම ඒක හංඟන් නෑ. ෆේස්බුක් එකෙත් කට්ටිය අහනවා. මම ඇඩ්මින්ට කියලා තියෙන්නෙ ඔව් කියන්න කියලා. මොකද ලංකාවෙ මෙහෙම කරපු පළවෙනියා මම නෙවේ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.