Celebrity Gossip

පියුමි හංසමාලි අලුතින් කාර් එකක් අරන් මුලින්ම දාගෙන ගිය සුවිශේෂී කෙනා මෙන්න

පියුමි හංසමාලි කියලා කියන්නෙ නිරූපණ ක්ෂේත්‍රය තුළ සිටින කාගේත් ආකර්ෂණය සහ ආදරය නිරන්තරයෙන්ම දිනා ගන්නා ආදරණීය රුවැතියක් වනවා. Music videos සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් තුළ වැඩි වශයෙන්ම රඟපෑම් කටයුතු සිදු කරන ඇය නිරන්තරයෙන්ම පුවත් මවන තැනැත්තියක් බවට පත් වී සිටිනවා. ඔබ අප කවුරුත් දන්නා පරිදි පියුමි කියලා කියන්නේ කියන්නට තියෙන දේ නොසගවා මූණටම පවසන තැනැත්තියක්. හිතේ එකයි කටේ එකයි නැති පියුමි ඉතාම විනෝදකාමී ව සිය ජීවිතය ගෙන යන කාන්තාවක් වනවා.

මේ වන විට ආදරණීය පුතෙකුගේ මවක් වන ඇය සිය මව සහ අලුත් පෙම්වතා සමග ඉතාම සතුටින් කාලය ගත කරනු ලබන බව සමාජ මාධ්‍ය තුළින් නිරන්තරවම අපට දැකබලා ගන්නට පුළුවන්. ඇයගේ පරණ පෙම්වතා පිළිබඳව පසුගිය කාල වකවානුව තුළදී ඉතාමත්ම කනස්සල්ලෙන් සිටි ඇය විවාහ වීම පවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නමුත් මේ වන විට ඇයට ඉතාමත්ම ආදරය කරන ප්‍රගීත් නමින් හඳුන්වන කඩවසම් පුද්ගලයෙකු හමුවී තිබෙන බව ඔබ අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. ඔහු ඇයට ඉතාමත්ම ආදරේ කරන අතරම ඇයගේ හැඟීම් දැනීම් සිතුම් පැතුම් ඉතාමත්ම හොඳින් වටහාගෙන අවබෝධ කරගෙන කරන පුද්ගලයෙකු බව අපට දැකගන්නට පුළුවන්.

ඉතින් ඊයේ දිනයේදී අපට ඇය පිළිබඳව සුභ දායක පුවතක් ආරංචි වුණා. ඒ තමයි ඇය අලුතෙන් මෝටර් රථයක් මිලදීගෙන ඇතැයි යන පුවත. ඉතින් කොහොම නමුත් ඒ පිළිබඳව ඇයගේ හොඳම යාළුවා වන ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසින් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ එක් ඡායාරූපයක් ද සමඟ අපූරු සටහනක් පළ කරලා තිබුණා. ඉතින් කවුරුත් දන්නවනේ චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඉතාමත්ම දක්ෂ සහ කාගෙත් පිළිගැනීමකට ලක්වූ ආදරණීය රූපලාවන්ය ශිල්පියෙක් වෙනවා. ඉතින් ඔහු මේ විදිහට තමයි එය පළ කරලා තිබුණේ.

“”හොදම යාලුවා car එකක් අරන් මුලින්ම මාව දාන් යනවා ඉතින් ඉස්සර මම එක්කන් ගිය Trip අද එයා එක්කන් යනවා පවු ඉතින් thanx Trip එක්කන් යන අක්කා Piumi Hansamali I’m so happy for u
 “”

ඉතින් ඇයගේ ජීවිතයේ සතුටුම මොහොතක් වන අද වන් දිනයක ඇයගේ සිතුම් පැතුම් සියල්ලක්ම ඒ ආකාරයෙන්ම ඉටු වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇයට උණුසුම් සුබපැතුම් ද එක්කර සිටිනවා.