Celebrity Gossip

මේ අම්ම කොස් ඇට කනවා කියල දැක්ක වෙලේම මම මහත්තයාට කිව්වා අපි යං කියලා – පියුමි හංසමාලි

පියුමි හන්සමාලි කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමටම කතා මවන්නියක් වන ඇය ඉතාමත්ම සුරූපී වගේම හිත හොද නිරූපණ ශිල්පිනියක් වනවා. ඉතා ඉහළ ෆෑන් බේස් එකකට හිමිකම් කියන ඇය ආදරණීය පුතෙකුගේ මවක්ද වෙනවා. පසුගිය කාල වකවානුව තුළදී ඇය පිළිබඳව නොයෙකුත් කටකතා පැතිරුණත් ඇය ඒවා පිළිබඳව නොසිතා තම ජීවිතය විනෝදකාමී ව සතුටින් සැහැල්ලුවෙන් ගත කරනු ලබනවා. ඉතින් කවුරුත් දන්නා පරිදි ඇය දැන් පෙම්වතියක්. ඇය විවාහ වීමට සිටින්නේ ප්‍රගීත් නමින් හඳුන්වන කඩවසම් පුද්ගලයෙකු සමගයි. ඇය පිළිබඳව මනා අවබෝධයකින් ඇයට ම ගැළපෙන විදිහට කටයුතු කරන ඔහු නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළින් අපට දැකබලා ගන්නට පුළුවන්.

පියුමි හංසමාලි කියලා කියන්නේ බොහෝ පින් අතේ වැඩ කරන යුවතියක් වෙනවා. ඉතින් පසුගිය දිනක දී සිරස නාලිකාවේ newsfirst තුළින් බිබිල ප්‍රදේශයේ ඉතාමත්ම අසරණ පවුලක් පිළිබඳව තොරතුරක් වාර්තා කරනු ලැබුවා. හිසට සෙවණක්වත් කුසට අහරක්වත් නොමැති මේ අසරණ පවුල දුටු පියුමි හංසමාලි ඇතුළු ඇයගේ පෙම්වතාත් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාත් ඔවුන්ට උපකාර කිරීමට එම නිවෙසට පැමිණ සිටියා. ඉතින් එහිදී ඇය සිරස මාධ්‍යයට මෙලෙස පවසා සිටියා.

‘ ඇත්තටම හරි දුකයි ඉතින්. මම කියන ගැහැණිය ගත්තොත් මම හරි දුප්පත් කෙනෙක්. නැති බැරි කෙනාගෙ දුක හොඳට තේරෙනවා. මේ අම්ම කොස් ඇට කනවා කිව්වම මං ඒක දැක්ක වෙලේ ම මම මහත්තයාට කිව්වා අපි යං කියලා. ඇත්තටම මට හිතාගන්න බෑ අපි දෙදහස් ගණන් වල ඉඳලත් මේ විදියට කොස් ඇට ගස්ලබු කන මිනිස්සු මෙච්චර දුප්පත් මිනිස්සු අපේ රටේ ඉන්නවා කියන්නේ මං හිතන්නේ මෙච්චර කල් රට පාලනය කරලා තියෙන්නෙ හරක්.

දහයක් විතර එකතු වුණත් එක්කෙනෙක් රුපියල් පන්දාහ ගානේ දැම්මත් මං හිතන්නේ අපිට පුළුවන් වෙයි මේ වගේ අසරණ වෙලා ඉන්න ගොඩක් අයගේ බඩගින්න නිවන්න. උනන්දුව තියෙනවා නං ඇත්තටම මං හිතන්නේ කරන්න බැරි දෙයක් නැහැ. අපි කවද හරි දවසක ගිනියන්නේ මේ කරන පිනක් විතරයි. ඇත්තටම newsfirst එකෙන් මේ වගේ දේවල් පෙන්නන එක මාර ලොකු දෙයක්. ඇත්තටම අපි කොළඹ හිටියට දන්නෑනෙ මෙච්චර දුර පළාත්වල මේ වගේ දේවල් වෙනවා කියලා. මේක ලංකාවක් බලන නාලිකාවක්. ඒ නිසා මේ වගේ දේවල් දාන එක මාර හොඳ වැඩක්. ‘

පියුමි හංසමාලි කියලා කියන්නේ කවදත් පිනට දහමට ලැදි සුන්දර කාන්තාවක්. ඉතින් තව තවත් ඇයට මෙවැනි පුණ්‍ය කර්ම කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.