Celebrity Gossip

ආලවන්ත හිතත් එක්ක සනීපෙට ජීවිතේ විඳින පියුමි බොතේජුට ආයෙම මංගල සීනු හැඬවෙලාද

පියුමි බොතේජු කිව්වම එකපාරටම අපට මතක් වෙන්නේ කටකාර හැඩකාර රුවැත්තියක්. බොහෝ විනෝදකාමී ජවනිකා තුළින් කරලියට පිවිසෙන ඇය ශ්‍රී ලාංකික බොහෝ රසික රසිකාවියන්ගේ ආදරේ දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙනවා. ටෙලි නිර්මාණ තුළ පමණක් නොව සිනමා නිර්මාණයන් තුළත් වේදිකා නාට්‍ය තුළත් ඇයගේ තාත්වික රංගන හැකියාව අපට දැක බලා ගන්නට පුලුවන් වෙනවා. මීට වසර ගණනාවකට පෙර ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වූ පබා ටෙලිනාට්‍ය තුළ ඇය රඟ දැක්වූ හිමාලි කියන චරිතය නිසා බොහෝ රසික ආකර්ෂණයක් ඇයට දිනා ගැනීමට පුළුවන් වුණා. ඒ වගේම තමයි මෑත කාලීනව ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු මීනු ටෙලිනාට්‍ය තුළ ඇය රඟ දැක්වූ චරිතයටත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වුනු බව කිව යුතුමයි.

පියුමි බොතේජු කියලා කියන්නේ හිතේ එකක් තියාගෙන කටින් තව දෙයක් කියන ජාතියේ කාන්තාවක් නෙවෙයි. ඇය හරිම විවෘත කාන්තාවක් වෙනවා. ඒ නිසාම තමයි බොහෝ දෙනා ඇයට ප්‍රිය කරන්නේ. ඉතින් ඔබ අප කවුරුත් දන්නා පරිදි ඇය මේ වන විට සිය විවාහයන් වලට සමුදි තනිකඩ දිවියක් තමයි ගත කරනු ලබන්නේ. ඇය ඇගේ මවට සහ පියාට ඉතාමත්ම ආදරයෙන් සලකන බව සමාජ මාධ්‍ය තුලින් නිරන්තරවම අපට දැකබලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇය බොහෝ පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබා දෙන කාන්තාවක් ද වනවා. ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් ඇය එදිනට ළමා නිවාසයකට හෝ දානයක් ලබා දීමට අමතක කරන්නේ නැහැ. මෙවරත් ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් ඇය පන්සලේ බණ දේශණාවක් සූදානම් කරනු ලැබුවා.

ඉතින් මෙලෙස කල්ගත කරන පියුමි බොතේජු ඊයේ දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුම තුළ ඡායාරූප කිහිපයක් සමඟ අපූරු සටහනක් පල කරල තිබුණා. ඒ මේ විදියට.

” ආලවන්ත හිතත් එක්ක ස්නේහවන්ත සිනහා ගාව ජීවිතය විඳිනකොට හිතත් හරි සනීපෙට නැලවෙනවා “

ඉතින් මේ වන විට ඇය පෙම්වතියක්ද නැද්ද කියන වග සඳහන් කරලා නොතිබුණත් රසික රසිකාවියන් එම පෝස්ටුවට බොහෝ ප්‍රතිචාර දක්වලා තිබුණා. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.