Celebrity Gossip

අද වැඩිපුරම සතුටුවෙන කෙනා ගෙදර නෑ’ සංවේදී සටහනක් තබමින් පියුමි බොතේජු සිය මවගේ උපන්දිනය සැමරූ හැටි

පියුමි බොතේජු කියලා කියන්නේ කලා ලොව තුල සිටින දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක්. බොහෝ හාස්‍ය ජනක චරිත ඔස්සේ රසික හමුවට එන ඇය ඉතාමත්ම විනෝදකාමී ව සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන යුවතියක් වනවා. තම පෞද්ගලික ජීවිතයේ විවාහය තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ නිසාම මේ වන විට තනිකඩ දිවියක් ගත කරන ඇය තම දෙමව්පියන්ට ඉතාම ආදරයෙන් සලකන ගුණවත් දියණියක් ද වෙනවා.

පහුගිය දවස් කීපය තුළ ඇයගේ පියාගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් ඔහු වෙනුවෙන් බොහෝ පින්කම් සිදු කළ බව සමාජ මාධ්‍ය තුළින් අපට දැකගන්නට ලැබුණා. ඒ වගේම තමයි ඇයගේ උපන් දිනය වෙනුවෙනුත් ඇය අසරණ දරුවන් වෙනුවෙන් බොහෝ පින්කම් සිදුකරන බව කවුරුත් දන්නා දෙයක්. ඉතින් පසුගිය දිනක දී ඇයගේ ආදරණීය මවගේ ජන්ම දිනය යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙනුත් ඇය අපූරු පිංකමක් සිදු කිරීමට අමතක කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ පිළිබඳව විස්තර තබමින් අපූරු සංවේදී සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුම තුළ එය මෙලෙස සටහන් කරලා තිබුනා.

“අද අම්මිගේ උපන්දිනය, වෙනදට අද දවස අපි හරි ආසවෙන් සමරනවා. ඒත් අද වැඩිපුරම සතුටුවෙන කෙනා ගෙදර නෑ. උපන්දිනයට මාස දෙකකට කලින් අපි මේ පිං කමට දින නියම කරගත්තා. 24 වෙනෙදා හවස ගමේ දන්න කියන අයයි අම්මිගේ නංගිලා මල්ලිලයි එකතු වුනා පන්සලට, මල් පිංකම විහාරාධිපති රිපුලානන්ද ස්වාමින් වහන්සේ හරි අපුරුවට සිදුකලේ රෝහල්ගතව ඉන්න තාත්තිට සෙත්පතමින් ධර්ම දේශනාව සිදුකලේ කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ විහාරාධිපති රම්මලේ අරියවිසුද්ධි ස්වාමින්වහන්සේ විසින්  උපන්දිනය වෙනුවෙන් ධර්මාසනයක් සඝසතු කිරිමට කාලයක් පුරා ආසාවෙන් හිටිය අම්මිට ඒ ආශාවත් ඉෂ්ට කරගන්න ලැබුනා. පිංකම සදහා පැමිනි සියලු සැදැහැවතුන්ට සුප් දන්සලක් පැවැත්වුවා ඒ සදහා විශේෂයෙන් ස්තුතිවන්නත වෙනවා මායාදුන්න මහත්මියට ඒ වගේම ප්‍රණිතව සුප් සකසා දුන් අරංගල BMS kingdom of Taste ආයතනයේ සියලුදෙනාටම.  අද උපන්දිනය සමරන මගේ අම්මිට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා! දීඝායු වේවා!

මගේ තාත්ති වෙනුවෙන් අවුරුදු ගනනාවක් පුරාවට කරන මේ කැපකිරිම මං හැමදාමත් දකිනවා.
පුදුම ඉවසීමකින් එයාගේ ඕනෑ එපාකම් අම්මි සිදුකරන්නේ ඒ පිනම ඇති මගේ අම්මීට මතු බුදු වෙන්න “

ඉතින් ඇයගේ මවට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.