Celebrity Gossip

අරපිරිමැස්මෙන් වැඩ කරන නිසා ආර්ථික පැත්තෙන් තවම වැටිලා නෑ – පබෝදා සංදීපනී

පබෝදා සංදීපනී කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.එම නමින් ඇයව ආමන්ත්‍රණය කරනවාටත් වඩා “ගින්දරී” යන නමින් තමයි ඇයව ලංකාවේ ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ.බහුබූතයෝ සිනමා පටය ඔස්සේ අතිශය ජනප්‍රියට පත් වූ පබෝදා මේ වන විට පුංචි පුතෙකුගේ ආදරණීය මවක් වෙනවා.රිදී තිරය පමණක් නොව පුංචි තිරය ඔස්සේ ද ඈව නිරන්තරවම අපට දකින්නට පුළුවන්.ඇයගේ මවද කලා ලෝකයේ නොමැකෙන සටහනක් සනිටුහන් කළ සහ තවමත් විශිෂ්ට නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක හමුවට එන ආදරණීය කලාකාරිනියක්.ඇය නමින් ගීතා කාන්ති ජයකොඩි මහත්මියයි.ඉතින් පබෝදා පසුගියදා එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ ඇගේ වත්මන් තොරතුරු රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

“මේ දවස් වල නිර්මාණ කටයුතුවලට දායක වෙන්නෙත් නැති නිසා ආර්ථික අතින් පොඩි පොඩි ගැටලු මතු වෙනවා.නමුත් මම අරපිරිමැස්මෙන් හැම දෙයක්ම කරගන්න නිසා ඒක තාම ලොකු ගැටලුවක් වෙලා නැහැ.මම හිතන් ඉන්නේ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න.අපිත් හරියට දවස් පඩියට වැඩ කරන කට්ටිය වගේ තමා.

මිනිසුන්ගේ සිත් සතුටු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.ඒ වගේම තමයි මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදිහට රඟපාන එකත් ලේසි දෙයක් නෙවේ.ඉතිං එහෙම මගේ දායකත්වය දක්වලා තමයි ලංකාවේ නම ගිය කලාකාරිනියක් විදියට මම අද මෙතන ඉන්නේ. ඇත්තටම ගණන් කරගන්න බැරි තරම් නිර්මාණ ගොඩකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.මගේ වෘත්තියත් රංගනය.ඉතින් ඒ දේ සඳහා තමයි මගේ මුළු කාලයම කැප කරලා තියෙන්නෙ.

ඒ දවස්වල මගෙ පුතා නොදැනුවත්වම සිනමාවටත් දායක වෙලා තියෙනවා.නමුත් දැන් දැන්නම් ඡායාරූපයක් ගන්න වත් එයා එන්නේ නැහැ.ඒ තරමටම ලැජ්ජාශීලීයි.මගේ පුතා ඉදිරියේදී රංගනයට දායක වෙයිද කියලා කියලා නම් මට දැන්ම කියන්න බැහැ.හැබැයි ඉතින් මගේ අයියා බිමලුත් ඉස්සර මේ විදිහමයි කියලා තමයි අපේ අම්මා කියන්නේ.ඉතින් ඒ නිසා මට ඒ ගැන මොකුත්ම අදහසක් නැහැ.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලු ම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.