Celebrity Gossip

අම්මා කෙනෙක් වුනත් අභියෝග වලට බය නැති ඔෂධි

2019 වසරේ තමන්ගෙ හිත වැටුන ආදරවන්තයා එක්ක විවාහ වුනු රංගන ශිල්පිනී ඔෂධි හිමාෂා කියන්නෙ කාලෙකටකලින් මොඩ්ලින් වලින් කවුරුත් දැනගත්ත කෙනෙක්.ඇය තමන්ගෙ රංගනයට පෙර මොඩ්ලින් හරහා බෙහෝ දේ ඉගෙන ගත්ත කෙනෙක් බවයි පැවසෙන්නෙ.

” ඇත්තටම කිව්වොත් අපි ක්ෂෙත්‍රයට එද්දි කවුරුත් අපිට කියල දුන්නෙ නැති තරම් සමහරඅවස්ථා තිබුනා තනියම ඉගෙන ගන්න වුනු.ඉතින් ඒ ඉගෙන ගැනීමෙන් තමයි මෙි විදියට හරි දෙයක් කරන්න පුළුවන් කම ඇතිවුනේ”

ඔෂධි ගේ ආදරය මල්පල ගැන්වූයේ 2019 වන අතර ඇගේ සැමියා වන මනෝජ් ප්‍රනාන්දු සේවය කරන්නේ ශ්‍රීලනක් එයාර්ලයින්වලයි.ඉතින් තමන්ගේ ආදරයේ විවාහ සංවත්සරය ඇය සැමියා සමග පහුගිය දවසක සැමරීම කලා.

” දැන් පුංචි දුව ලොකු නිසා පහුගිය දවස්වල මම මියුසික් වීඩියෝ කිහිපයකම රංගනයට ආවා.ඇත්තටම කිව්වොත් කෙටි කාලයකට තමයි මම රංගනයෙන් සමුගත්තෙ.ඉතින් ඒ හැම වෙලාවකම ක්ෂෙත්‍රයේ දේවල් මම බැලුව ඉතින් ඒ හැම අවස්ථාවකදිම මම හිතනව ඊලගට කරන්න ඔිනා මොනවද කියල”

ඔෂධි සිනමාව තුලද උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්ෂකවරයාගේ වස්සානයේ සද ව⁣ගේම ෆේස්ටු ෆේස් හරහාත් දකින්න ලැබුන.ඒ එක්කම වාගේ ඇයව සිනමාව තුල දකින්න ලැබුනෙ නැති තරම්.ඇය නම් ඒකට කියන්නෙ තමන්ටරගපාන්න හොද නිර්මාණ නොලැබුන බවයි

” මම කැමති මියුසික් වීඩියෝ වල රගපාන්න .මුල් කාලෙ මම රගපාපු ඒ විදිහෙ ඇතැම් වීඩියෝ හින්ද ගොඩක් අය ආන්දෝලනයකට ලක්කරගත්තත් මම හිතන්නෙ ඒ හැමදේම කලාව තේරුම් ගත්ත අය තේරුම් ගත්තා.ඒකට ගොඩක් ස්තුතිය “

නුදුරු දිනෙක නැවත ඇය සිනමාවට පැමිණෙන බවයි පවසන්නේ.