Celebrity Gossip

වැරදි මාර්ග වලින් නම් ක්ෂේත්‍රයෙ ඉක්මනින්ම ඉහලට යන්න පුළුවන් – නිත්‍යා දේවින්දි

නිත්‍යා දේවින්දි කියනවාටත් වඩා ඇයව මේ දවස් වල ගොඩක් දෙනෙක් අමතන්නේ රුවිනි කියන නමින්. පාරදිගේ ටෙලිනාට්‍ය තුළ ඇය රංගනයෙන් දායක වන එම චරිතය නිසා බොහෝ දෙනාගේ ඉහල ප්‍රතිචාර දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණා. දෙරණ නාලිකාවේ විකාශය වු මුතුලෙන්දොර ටෙලි නාට්‍ය ඔස්සේ පළමු වරට රංගනයට පැමිණි ඇය 2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය අවසන් දොළොස් දෙනාගේ වටයට ද තේරී පත්වීමට වාසනාවන්ත වුණා. ඉතින් කවුරුත් ආදරය කරන ඇය පිළිබඳව අද අපි කතා කරන්නට සිතුවා. ඇය එක් වූ එක්තරා සති අග පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ නවතම තොරතුරු කියා තිබුනෙ මේ විදිහට.

“මම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ එක්තරා නාලිකාවක අවුරුදු කුමරිය තරගයට සහභාගි වීමෙන්. මම පළමුවෙන් ම සහභාගී වූයේ දෙරණ නාලිකාවේ මුතුලෙන්දොර ටෙලි නාට්‍යයට. නමුත් එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික බලපෑමක් මත අතරමග නතර වුණා. නාට්‍ය කරන්න බැහැ කියලා කිසිම අවස්ථාවකදී මම කියලා නැහැ. නමුත් ඇතැම් පුද්ගලයින් මාගේ ඉවත් වීම සමාජ ගත කරලා තිබුණේ ඒ විදිහට. ඇත්තටම මේ ප්‍රශ්නය මගේ ජීවිතයට හොද පාඩමක් කියල දුන්නා. ඇත්තටම මට අදටත් හිතාගන්න බැහැ ක්ෂේත්‍රයේ නමක් තියෙන අය මං වගේ ආධුනිකයෙක් සමග ප්‍රශ්න ඇති කර ගන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ ඇතිවූ මානසික පීඩනය මට ජීවිතේට අමතක වෙන්නෙ නෑ. මගේ අම්මා අයියා නංගි මගේ මහත්තයා නොහිටින්නට මම අද මෙතන නෑ.

ක්ෂේත්‍රයට පිවිසීම හිතන තරම් අමාරු නැහැ. ඒ සඳහා අද ඕනෑ තරම් මාර්ග සහ ක්‍රම තියෙනවා. අවුරුදු කුමරා කුමරි තරග පවත්වන්නේ ආධුනික මුහුණු ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නටයි. නමුත් පැවැත්ම තමයි අසීරුම කාර්යය. මෙහි හොඳ විදියට ඉදිරියට යන කෙනෙක්ට නමක් හදාගන්න දිගු කාලයක් යනවා. නමුත් වැරදි මාර්ග ඔස්සේ ඉදිරියට පැමිණෙන අය නම් ඉක්මනින්ම ක්ෂේත්රයේ ඉහළටම යනවා. නමුත් කලක් යනකොට පැවතියට වඩා වේගයෙන් පහළට බසිනවා.”

මේ විදියට තමයි ඇය පවසා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා සුභ පැතුම් එක් කරනවා.