Celebrity Gossip

නළුවෙක් වෙන්න කලින් මම තරම් රැකියාවල් වෙන කවුරුත් කරල නැතිව ඇති

නිරෝෂන් විජේසිංහ කියලා කියන්නේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුගේ නිහතමානී හැසිරීමත් තාත්වික රංගනයත් හේතුවෙන්ම බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔහු වටා එක් රොක් වී සිටිනවා. කෙතරම් වයස වුණත් තවමත් කඩවසම් රුවකට හිමිකම් කියන නිරෝෂන් පසුගිය දිනකදී එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව විස්තර රසිකයා සමග සමඟ බෙදා ගත්තේ මේ විදියට.

“මම මිනුවන්ගොඩ තොටිල්ලගහවත්ත කියන පුංචි ගමේ ජීවත් වුණු කෙනෙක්. වටේම වෙල් යායකින් වටවුණු, නාන්න පුළුවන් පොඩි ගංඟාවක් තිබුණු ලස්සන පුංචි ගමක තමයි මම ජීවත් වුණේ. ඒ හීන ලෝකයක ජීවත් වුණු කාලයක්. මතක් වෙද්දිත් ආදරය හිතෙන හරිම ආදරණීය කාලයක්. ඒ කාලේ අපේ හිත්වල කිසිම බරක් තිබුණේ නැහැ.

ඇත්තටම ඒ කාලේ කලාවට සම්බන්ධ නැති විෂයක් ගැන මට හිතන්නවත් බැරි තරම්. නළුවෙක් වෙන්න කලින් මම තරම් රැකියාවල් වෙන කවුරුත් කළේ නැතිව ඇති. මම ලිපිකරුවෙක් විදිහට වගේම හෝටල් ක්ෂේත්‍රයෙත් විවිධ ැකියාවල් කරලා තියෙනවා. ඒ දේවල් කරන විට කලා කටයුතු කරන්න මට නිවාඩු නොලැබෙද්දි මම ඒවායින් ඉවත් වුණා. මගේ තාත්තා වඩුවැඩ කරපු කෙනෙක්. අපිට වඩු මඩුවක් තිබුණා. මම තාත්තගේ වඩු මඩුවෙත් වැඩ කළා. ඒ හැමදෙයක් අතරින්ම මම බැලුවේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලයි.

සාමාන්‍යයෙන් මම පරණ දේවල් මතකයේ තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. අනවශ්‍ය පරණ දේවල් අමතක කරලා වර්තමාන කාලයේ මම ජීවත් වෙනවා. හැබැයි එහෙම අමතක කරන්න බැරි දේවලුත් හදවතේ තියෙනවා. ඒවා හැමදාම හිතේ තියේවි”

මේ විදියට තමයි ඔහු එහිදී අදහස් දක්වලා තිබුණේ. ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.