Celebrity Gossip

පිරිමියෙක්ගේ ආදරයට උණුසුමට හැම ගැහැණියක් වගේම මමත් කැමතියි – නිරෝෂා විරාජිනී

නිරෝෂා විරාජිනීය කියලා කියන්නේ ගායන ලොව තුල පෙරළිකාර රිද්ම රටා මවන ආදරණීය ගායන ශිල්පිනියක්. පුන්සඳ රෑට ඇවිදින් , සඳ දිය උතුරා , හිමි නැති පෙමකට , ඔබ සොයා ආදී ගීතයන් රැසක් රසික රසිකාවියන්ට දායාද කර දුන් ඇයට ඇත්තෙ ඇයටම ආවේනික වූ මියුරු කටහඬක්. මේ දිනවල දී හිරු නාළිකාවේ විකාශය වන hiru star ගායන රියැලිටි වේදිකාවේ විනිසුරුවරියක් විදිහට අපට ඇයව දැක බලා ගන්නට පුලුවන් වෙනවා. 1973 වර්ෂයේ ජනවාරි මස දහතුන් වන දින උපත ලබන ඇය මේ වන විට සිය ගායන හැකියාව වෙනුවෙන් බොහෝ සම්මාන දිනාගෙන තිබෙනවා. ඉතිං එක්තරා මාධ්‍ය වැඩසටහනකදී ඇය සංගීත ලොව තුළට ප්‍රවිෂ්ට වූයේ කෙසේද යන්න පිළිබඳව කියා සිටියේ මේ විදියට.

“90 දශකයේ මම ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් හින්දි දමිළ ගීත කීපයක් ගායනා කරලා තිබුණා. ඒ සුපර් සන්ග් කියන සංගීත කණ්ඩායම සමඟ. ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව මට මුලින්ම ලැබෙන්නේ හින්දි දමිළ ගීත සිංහලෙන් ගායනා කරන්න. සිත හඬයි කියන ගීතය එන්නේ ඒ කාලේ. ඒ ගීතය අතිශය ජනප්‍රිය වෙනවා. ඊට පසුව තමයි විවිධ සංගීත වැඩසටහන් සඳහා මට ආරාධනා ලැබෙන්නේ. “

ඒ වගේම තමයි ඇයගේ පුද්ගලික ජීවිතය ගත්තොත් ඇය තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නෙ. ඇගේ විවාහ ජීවිතය තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ නිසාම ඇය මේ වන විට තනිකඩව ජීවත් වෙනවා. ඉතිං එක්තරා මාධ්‍ය වැඩසටහනකදී ආදරය පිළිබඳව ඇය දැක්වූයේ මේ වගේ අදහසක්.

“ආදරේ කරනවට වඩා තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නෙ. පිරිමියෙක්ගේ ආදරයට උණුසුමට හැම ගැහැණියක වගේම මමත් කැමතියි. හැබැයි මං ඒක හොයාගෙන යන්නෙ නෑ. ඒක තාවකාලික හැඟීමක්. මනුස්සයෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මාව තේරුම් ගන්න එක සහ මාව කොයි තරම් වටිනවද කියන එක. ඒ වගේම මාව ගායිකාවක් හැටියට රටට ලැබෙන සේවය ගැන අගය කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම මම වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් කෙනෙක්.”

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.