Celebrity Gossip

මගෙ පාසල් ප්‍රේමයට මොකද වුනේ කියලවත් තාම දන්නෑ – නිපුනි පූජිත ගුණවර්ධන

අන්සතු පෙම ගීතය ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ ආකර්ෂණය දිනාගත් ඇය නමින් නිපුනි පූජිත ගුණවර්ධනයි. වගේම තමයි ඇය ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වු නාඩකම් කාරයෝ ටෙලි නාට්‍ය ඔස්සේත් කාගේත් ආදරය දිනා ගනු ලැබුවා. ඉතින් පසුගිය දිනකදී ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඇය පිළිබඳව ඔබ නොදත් බොහෝ දෑ පවසල තිබුණා.

ඇය පාසල් දෙකකින් අධ්‍යාපනය හදාරා තිබෙනවා. ප්‍රථමයෙන්ම අම්පාර හිඟුරාණ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඇය හය වසරේ සිට කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට ඇතුළත් වනවා. ඉතිං ඇය පවසන විදිහට පාසල් යන වියේ දී ඇය ටිකක් කටකාර දඟකාර පණ්ඩිත චරිතයක්ලු. පිරිමි ළමයි සමඟ පවා ඇය රණ්ඩු කරනවා ලු. හැබැයි ඒ හැම දේම කොළඹ ඉස්කෝලෙට ආවට පස්සෙ වෙනස් වුණා කියලා තමයි ඇය කියා සිටින්නේ. ඉතින් ඇයගේ කලාවට ආගමනය පිළිබඳ පවසා සිටියේ මේ විදියට.

‘ ඉස්කෝලේ යන කාලේ මම කලාවට දක්ෂ නිසා මාව ස්කොලෙ නාට්‍ය කණ්ඩායමට ගත්තා. ඒ ආරම්භ කරපු ගමනේ දී වැඩිපුර ම හිටියෙ කලාව එක්ක තමයි. කොහොමත් මට පුංචි කාලේ ඉදන්ම නර්තන හැකියාව පිහිටලා තිබුණා. පොඩි කාලේ ඉදං මගේ හීනය වුණේත් නර්තන ගුරුවරියක් වෙන්න. ඒත් එක්කම රංගනයටත් ආසයි. කලා අංශයේ විවිධ පැතිකඩවල් වලට මම යොමු වෙලා හිටියා. රංගනයේදී පිරිමි චරිත පවා මම කරලා තියෙනවා. ඒ හැමදේම නිසා මම ඉස්කෝලේ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියෙ. නර්තනයෙන් තමයි මාව වැඩිපුරම හඳුනාගත්තේ. ඒ වගේම නිවේදනයෙනුත් මං සම්බන්ධ වුණා. විවාද කණ්ඩායම් වලත් මුලින්ම හිටපු කෙනෙක් මම.

ඒ වගේම ඇය පාසල් ප්‍රේම කතා පිළිබඳව පවසා සිටියේ මේ විදියට…

‘ ඒ කාලේ ඉතින් අමතර පන්ති යනකොට ප්‍රේම යෝජනා එහෙම එනවා. ලියුම් එවනවා , චිට් එවනව , තෑගී එවනවා. මට අයියලා දෙන්නෙක් හිටපු නිසා මම සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වලට බයයි. හැබැයි මට පාසල් ප්‍රේමයක් නොතිබුනාම නෙමෙයි. නමුත් ඒ කාලේ ආදරය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති තරම්. ඒ කාලෙදි හම්බ වෙනවා කතා කරනවා එච්චරයි. ඒ කාලේ මුලින්ම ආකර්ෂණයක් කියන දේනෙ ඇති වෙන්නේ. ඉතින් මටත් එහෙම දෙයක් ඇති වුණා. ඊට පස්සේ ඒවා නැති වුණා. අදටත් දන්නෑ ඒවට මොකද උනේ කියලා. ඇත්තටම ජීවිතයේ සුන්දරම කාලයක් තමයි පාසල් අවදිය කියන්නේ. ‘

මේ විදිහට තමයි ඇය එහිදී අදහස් දක්වලා තිබුණේ. ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.