Celebrity Gossip

මට ඕනි මට සැර කරන්නැති මගෙ වැඩවලට උදව් කරන ආදරයක් – නයනි රාමනායක

නයනි රාමනායක කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයට අලුත් මුහුණක් වුණත් ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස් වල ඇයව අපට දෙකොන්මාරු ටෙලි නාට්‍ය හරහා දැක ගන්නට පුලුවන් වෙනවා. ඊට අමතරව ඇය ඒ හීනේ ටෙලි නාට්‍ය හරහාත් අපට දැකබලා ගන්නට ලැබෙනවා. ඇය පළමුවෙන්ම රඟපානු ලැබුවේ හිරු ඇවිදින් ටෙලි නාට්‍යයේයි. ඉන්පසුව ටිකෙන් ටික රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඇය මේ වන විට ලංකාවේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී අවසානයි. ඉතින් පසුගිය දිනක දී ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණා.

මීගමු ප්‍රදේශය ප්‍රදේශයේ ජීවත් වන ඇයගේ පාසල වන්නේ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයයි. ඇයගේ පවුල් පසුබිම ගැන කතා කළොත් පියා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වන අතර මව ගුරුවරියක් වනවා. ඇයට තව සහෝදරයෙක් සිටින අතර ඔහු වෛද්‍යවරයෙක් ලෙස අනුරාධපුර රෝහලේ සේවය කරනවා. ඉතින් රංගන ශිල්පිනියක් වීමටත් වඩා ඇගේ එකම හීනේ වෙලා තිබුනේ කාන්තා පොලිස් පරීක්ෂක වරියක් ලෙස සේවය කිරීමටයි. නමුත් ඇයගේ උස මදි වීම නිසා ඇයට එම හීනය මග හැරෙනවා. ඒ වගේම තමයි ඇය පවසන ආකාරයට ඇයගේ පියා මෙන්ම ඇයටත් අසාධාරණය පෙන්නන්න බෑ. අසාධාරණයක් වන සෑම තැනකදීම ඇය ඒ වෙනුවෙන් පෙනී සිටින බව තමයි ඇය සඳහන් කරන්නේ.

මේ දිනවල ඇය රූපලාවන්‍ය සහ කේශාලංකරණය සඳහා වූ n v q 4 පාඨමාලාව හදාරා තිබෙන අතර රූපලාවන්‍ය සඳහා වූ සියලුම සුදුසුකම් සපුරලයි තිබෙන්නේ. ඉතින් නොබෝ දිනකින්ම ඇයගේම රූපලාවණ්‍යාගාරයක් විවෘත කිරීම තමයි ඇයගේ අරමුණ වන්නේ. ඒ වගේම තමයි දැන් රංගන ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් විදිහට ඇය වැඩ කටයුතු කරන නිසා ඇය සම්මානයක් ලබා ගැනීමේ අරමුණින් සිටින බවත් පවසා සිටිනවා. ඒ වගේම ඒ සඳහා උපරිමයෙන් ම තම සාධාරණය ඉටු කරන බවත් ඇය කියා සිටිනවා.

ඉතින් ඇය ප්‍රේමය පිළිබඳව දරන්නේ මෙවන් අදහසක්….

‘ වත්මන් කාලයේ දී හැමෝටම වගේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒ නිසා ප්‍රේමය ආදරය විවාහය ගැන අප ඉක්මන් විය යුතු නැහැ. මාව හොඳට තේරුම් ගන්න පුළුවන් මගෙ වැඩ වලට උදව් කරන සහ මට සැර නොකරන කෙනෙක්ටයි මගේ ආදරය ‘

මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.