Celebrity Gossip

මම අදටත් කැමතියි එයා එයාට ගැළපෙන කෙනෙක් එක්ක විවාහ වෙලා සතුටින් ඉන්නව නම් – නිලූෂි පවන්‍යා

නිලූෂි පවන්‍යා කියනවාටත් වඩා ඇයව මේ දවසක ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ වින්ඩි කියන නමින්. ඒ දිවි තුරා ටෙලිනාට්‍ය තුළ ඇය රංගනයෙන් දායක වන අපූරු චරිතය නිසයි. ඉතිං ඇය කියන විදිහට එම චරිතය සඳහා ඇයට පොඩි දරුවන් ගෙන් පවා ප්‍රතිචාර ලැබෙනවා ලු. ඇය එම චරිතය තුළ නපුරු චරිතයක් රඟපෑවත් බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාවන් පිරිසක් ඇයට ආදරය කරන බවත් ඇය කියා සිටිනවා. ඉතින් ඇය කියන විදිහට ඇය සැබෑ ජීවිතයේදී වින්ඩි වගේ නපුරු චරිතයක් නෙමෙයිලු. ආදරයේ දී ඇය ගොඩක් අවංක වුනාට ආදරය ලබාගන්න පස්සෙන් යන්නේ නැතිලු. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියා විසින් ඇයට ලැබෙන ආදර යෝජනා පිළිබඳව විමසූ විට ඇය ඔහුට ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

” ආදර යෝජනා විවාහ යෝජනා එනව. ඒක ගැහැනු ළමයකුට සාමාන්‍යයෙන් වෙන දෙයක්නෙ. නමුත් මම හිතනව ආදරය කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙමෙයි මම ඉන්නෙ කියල. නමුත් අපි ජනප්‍රිය වෙනකොට සමහර අය කියනව දැන් ඔයා ජනප්‍රියයි ලොකු සල්ලිකාරයෙක් හොයාගෙන විවාහ වෙන්න කියල. සල්ලි ඕන නම් මට මේ දැනුත් බඳින්න පුළුවන්. නමුත් මම ජනප්‍රිය වුණත් නැතත් මම හිතන්නෙ නැහැ මම සල්ලිකාරයෙක් එක්ක විවාහ වෙන්න ඕන කියල. මාව තේරුම්ගත්ත මට ආදරය කරන ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමයි මම විවාහ වෙන් ඕන කියන දේ තමයි මම නිතරම හිතන්නෙ.

ඉතිං ඒ වගේම ඇයගේ සැබෑ ජීවිතයේ ආදරය පිළිබඳව ඇය කියා සිටියේ මෙවන් දෙයක්.

” මම ආදරය කළා. ඒ සම්බන්ධය අවුරුදු තුන හතරක්ම තිබුණ. නමුත් අතරමගදි අපි ඒ සම්බන්ධය නතර කරනව. ඒකට එකම හේතුව වුණේ අපේ නොගැලපීම. මම අදටත් කැමතියි එයා එයාට ගැළපෙන නෙනෙක් එක්ක විවාහ වෙලා සතුටින් ඉන්නව නම්. ලබන අවුරුද්දෙදි මගේ ජීවිතයේත් ලොකු වෙනසක් සිදු වේවි. “

ඒ වගේම එම කතිකාවතේ දී ඇය තවත් බොහෝ කරුණු රසික රසිකාවියන් සමග බෙදා ගත්තා. ඉතින් කවුරුත් ආදරය කරන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.