Celebrity Gossip

දුව හැමදාම කෑම අරන් මේසෙන් නැගිටින්නෙ ස්තුතියි අම්මා කියලා – නිල්මිණි තෙන්නකෝන්

නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය බොහෝ කාලයක් තිස්සේ සිට රංගන ක්ෂේත්‍රය හරහා දැක්වූ දස්කම් නිසාම විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇය වටා එක්රොක් වී සිටිනවා.ඇය රංගනයෙන් දායක වූ සිනමාපට මෙන්ම ටෙලි නාට්‍යය ද රසිකයන් අතර මහත්වූ ආකර්ෂණයකින් ජනප්‍රිය වෙනවා. ඇගේ තිබෙන නිහතමානී ගති පැවතුම් නිසාම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇයට ආදරේ කරනවා.

මේ වන විට 61 වන වියේ පසු වුවත් ඇයගේ සුන්දර බවේ නම් පොඩ්ඩක්වත් අඩුවක් පේන්න නැහැ.ඇය විවාහ වී සිටියේ ලංකාවේ ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු හා දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී චරිතයක් වූ මධුමාධව අරවින්ද සමගයි.ඔවුන් තුළ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහය දෙදරා ගොස් මේ වන විට ඔහු තෙවැනි විවාහය සිදු කර ගත්තද නිල්මිණි තෙන්නකෝන් සිය දියණිය සමඟ තවමත් තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටිනවා.

ඉතින් ඇය පසුගිය දිනක දී එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඇගේ මුළුතැන්ගෙහි කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සඳහන් කර තිබුණේ මේ අයුරින්.

“ඇත්තටම මට ඉස්සර ඉදන්ම රසට උයන්න බැහැ.විවාහ වෙලා එනකොට අඩුම ගානේ මට පපඩමක්වත් බැදගන්න බැහැ.නමුත් මගේ උත්සාහය නිසා මම ටික ටික උයන්න පුරුදු වුණා.මං ඇත්තටම මෙච්චර හොඳට උයන්න පුරුදු වුණේ ස්වර්ණවාහිණියෙ විකාශය කරපු ලියසෙවන වැඩසටහන ඔස්සේ.එහිදී ලංකාවේ ඉන්න අති දක්ෂ සූපවේදීන්ගේ ඉවුම් පිහුම් හැකියාව දැකලා තමයි මම මේ වෙද්දි මෙච්චර රසට උයන්න පුළුවන් කාන්තාවක් වෙලා තියෙන්නේ.

මම රාත්‍රී ආහාර වේලට හැමදාම සලාදයක් එක්කර ගන්නවා.පිෂ්ටය අධික බත් පාන් පිටි වගේ දේවල් අපි ගොඩක් අඩුවන් තමයි ආහාරයට ගන්නේ.මොකද අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න ඕන.මායි මගේ දුවයි ගමේ ආහාරවලට ගොඩක් කැමතියි.මොකද අද කාලේ හැටියට වස විස නැති එලවලු මේ ගමේ විතරයි.මං උයන වෙලාවට මගේ දුව ගොඩක් වෙලාවට කුස්සියේ වාඩිවෙලා හරි ඉන්නවා.ඒ වගේම මම එයාගේ දැකපු හොඳ ගතිගුණයක් තමයි හැමදාම කෑම අරගෙන මේසෙන් නැගිටින්නෙ ස්තුතියි අම්මා කියලා.මං ඒක ගොඩක් තරුණ තරුණියන්ගේ නොදැකපු ගතිගුණයක්.ඉතිං ඒ වචන ඇහෙද්දි උයනකොට තිබ්බ මහන්සිය නිකම්ම නැති වෙලා යනවා.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ රංගන කටයුතු වගේම පවුල් ජීවිතයද සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.