Celebrity Gossip

පාර්ලිමේන්තුවෙ වගේ ලොම් හැලී හැලි ඉන්න මගෙ බලාපොරොත්තුවක් නෑ – නිල්මිණී කෝට්ටගේ

නිල්මිණී කෝට්ටගේ කියලා කියන්නේ ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. බොහෝ අවස්ථාවන් වලදී හාස්‍යෝත්පාදක චරිත ඔස්සේ රසිකයා හමුවට එන ඇය සැබවින්ම ප්‍රිය මනාප රංගන ශිල්පිනියක් වනවා. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳ නොදත් බොහෝ කරුණු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ විදිහට.

“කලාව කියන්නේ මගේ නහරත් එක්ක බද්ධ වෙලා තිබෙන දෙයක්. කලාව මට නැතිවුණොත් මමත් නැති වේවි කියලයි මට හිතෙන්නේ. මට කලාවක් නැතිව මොනවත් හිතන්න බැහැ. මම අද නියැලිලා ඉන්න කලා ක්ෂේත්‍රයේ අය මාව අයින් කරනවා නම් ඒකට මම විශාල වැරැද්දක් හානියක් ඔවුන්ට කරලා තියෙන්න ඕනේ. මම පෞද්ගලිකව මේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කිසිම කෙනෙකුට හානියක් කරලා නැහැ. ඒ නිසා මං හිතනවා කවදාවත් මේ ක්ෂේත්‍රයෙන් මාව අයින් කරන එකක් නෑ කියලා.

මං දේශපාලනයට එන්න කිසිම කැමැත්තක් නැහැ. මගේ අම්මා, තාත්තා දෙන්නම මේ වෙද්දී ජීවතුන් අතරේ නැහැ. මගේ දෙමව්පියෝ තරම් ලොකු කෙනෙක් නැහැ. ඒ දෙන්න වළෙන් නැගිටලා ආවත් මම දේශපාලනයට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. මට ඔය අපේ රටේ දේශපාලනය හරිම තිත්තයි. හරි අප්පිරියයි. රත්තරන් බන්දේසියක තියලා දුන්නත් මම ඒක බාරගන්නේ නැහැ. මේ රට විනාශ කරන්නේ මේ රටේ දේශපාලනය කරන අයයි. මට මගේ රස්සාව උතුම්. ප්‍රේක්ෂකයින්ට ඉතා ආදරෙයි. ඔවුන් නැත්නම් නිල්මිණි කෝට්ටේගොඩ කියලා චරිතයක් නැහැ. ඒ නිසා මේ රස්සාව මට හොඳටෝම ඇති. හැබැයි පාර්ලිමේන්තුවේ ලොම් හැලී හැලි දේශපාලකයෝ ඉන්නවා වගේ කලාව තුළ ඉන්න මගේ බලාපොරොත්තුවකුත් නැහැ.”

මේ විදියට තමයි ඇය එහිදී කියා සිටියේ. ඉතින් ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු ඇය සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.