Celebrity Gossip

මම එදා ලේබර් රූම් එකේ පැය 10ක් හිටියා නෝර්මල් ගන්න ට්‍රයි කරත් බබා බර වැඩි නිසා සීසර් කළා – නිලන්ති ඩයස්

නිලන්ති කියලා කියන්නේ කොයි කාගෙත් ආදරය දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක් වගේම අති දක්ෂ නර්තන ශිල්පිනියක් ද වෙනවා. බොහෝ ටෙලි නාට්‍යය තුළත් සිනමා නිර්මාණයන් තුළත් සිය රංගන හැකියාව විදහා පෑ මෙම ආදරණීය රංගන ශිල්පිනිය මේ දවස් වල නම් අපට රූපවාහිනිය තුළ වැඩිය දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් ඉතින් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආදරය නම් එලෙසින්ම තිබීම විශේෂත්වයක්. ඉතින් මේ වන විට විවාහ වී ආදරණීය දියණියකගේ මවක් වන ඇය ඉතාම සාර්ථක විදිහට සිය පවුල් ජීවිතය ගෙන යනවා. ඇය කියන විදියට කලා කටයුතුත් සමග ඇය සැමියාගේ වැඩත් දුවගේ වැඩත් කොහොමහරි balance කරගන්නවා ලු.

ඒ වගේම තමයි ඇය කියන විදියට ඇයට රංගනය සඳහා වැඩිපුරම යෙදුණේ ප්‍රහසනාත්මක චරිත නිසා ඇයට තවම හරියට දක්ෂතා පෙන්වන්න අවස්ථාවක් ලැබුනේ නැහැ කියලා. ඒ වගේම අපේ රටේ මොකක් හරි චරිතයක් සාර්ථකව කළොත් එතැනින් එහාට දිගටම ලැබෙන්නේ එවැනි චරිත කියලත් ඈ සඳහන් කරනවා. නමුත් ඇය එම චරිත සඳහා හරිම සතුටින් තමයි රංගන දායකත්වය ලබා දී තිබෙන්නේ. ඒ වගේම තමයි විවාහ වීමට කලින් ඇයට ඇයගේම කියලා නර්තන ගෲප් එකක් තිබිලා තියෙනවා. ඒත් ඉතින් විවාහයත් එක්කම ඒක එහෙමම නැතිවෙලා. නමුත් ඇයට අදටත් ගොඩක් ප්‍රසංග වේදිකාවල නර්තනය සඳහා ආරාධනා ලැබෙන බව තමයි ඇය සඳහන් කරන්නෙ.

නිලන්ති කියලා කියන්නේ මේ වන විට ආදරණීය දියණියකගේ මවක්. ඉතින් විවාහ වෙලා වසර දෙකක් විතර ගියාට පස්සේ තමයි ඇය මව් පදවිය ගැන හිතන්නට පටන් අරන් තියෙන්නේ. කොහොමහරි ඉතිං දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වම ඇයට ටිකක් බය හිතුනලු. මොකද ඇය හැමදේටම ටිකක් බය කෙනෙක් නිසා. ඉතින් ඇය එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්චාවකදී තම ආදරණීය දියණිය පිළිබඳව රසිකයන් සමඟ කියා සිටියේ මෙවැන්නක්.

” දැන් මගේ ජීවිතේ හුස්ම තමයි මගේ දරුවා. දුවත් පිං කරන්න ඕනි හොඳ අම්මා කෙනෙක් ලැබෙන්න අම්මත් පිං කරන්න ඕනි හොඳ ළමයෙක් ලැබෙන්න. මම එදා ලේබර් රූම් එකේ පැය 10ක් විතර හිටියා. මොකද මට ලේබර් පේ‍යින්ස් එනවා යනවා. මට හරි අමාරුයි. මොකද ඇත්තටම මට තිබ්බා ලොකු බඩක්. ඒක දැක්කහම අපේ අම්මට වුණත් බයයි මොකද ලොකු බඩක් ඒ තරම් තිබ්බා. බබා බර වැඩියි. නෝර්මල් එන්න ට්‍රයි කරත් බබා බර වැඩි නිසා සිසර් කළා.”

මේ විදියට තමයි ඇය අදහස් දක්වලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.