Celebrity Gossip

මම පස්ස හැරිලා හිටියත් ඕන කෙනෙක් මාව අඳුරනවා – නෙත්මි රොෂෙල්

නෙත්මි රොෂෙල් කියන්නේ වර්තමානය වන විට තරුණයන්ගේ ක්‍රෂ් එකක් කිව්වොත් මා නිවැරදියි.ඒ තරමටම ඇගේ සුන්දරත්වයත් හුරතල් බවත් නිසා තරුණයන්ගෙන් ඇයට ලැබෙන්නේ නොමද වූ ආදරයක් සහ ආකර්ෂණයක්.දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ ඇය ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වයට පත් වුවත් ඇය කලා ක්ෂේත්‍රයට පැමිණියේ අවුරුදු කුමරිය තරගයක් ඔස්සේයි.ඉතින් මේ වන විට ඇය ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වන අතරම music videos සඳහා ද වෙළඳ දැන්වීම් සඳහා ද සිය හැකියාව විදහා දක්වනවා.පසුගියදා එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා සිටියේ මෙවැන්නක්.

“මට දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ තිබුණෙ මුලින්ම තත්පර 5ක දහයක චූටි කොටසක් රඟපාන්න. නමුත් ඒ තප්පර පහේ දහයේ දී මුළු ලංකාවම මාව අදුරගත්තා. හැමෝම මට ආදරේ කරන්න පටන් ගත්තා. ආක්ෂා කියන චරිතයට ගොඩක් අය ආදරේ කරනවා. මම යන යන තැන ඕන කෙනෙක් බව අඳුර ගන්න තත්වෙට පත්වෙලා තියෙනවා. නවක රංගන ශිල්පිනියක් විදිහට මේ ලැබෙන ආදරේ තරම් මට වෙන කිසිම දෙයක් උවමනා නැහැ.

මට තාම අවුරුදු 23යි.ඉතින් මේ පුංචි කාලය ඇතුළත මම ලබාගත් අත්දැකීම් ගොඩායි.මගේ පවුලේ මට තව සහෝදරියක් සහ සහෝදරයෙකු සිටිනවා.ඇත්තටම පවුලේ අයගෙන් මට රංගනය සඳහා ලොකු සහයෝගයක් ලැබෙනවා.

මගේ කොණ්ඩය කියලා කියන්නේ මගේ අනන්‍යතාවය කියලා කිව්වොත් හරි. අවුරුදු කුමාරි තරගයක් ජයග්‍රහණය කරන්න පංචකල්‍යානිය ඕන වෙනවා. ඉතින් මගේ ජයග්‍රහණය ටත් මගේ කොණ්ඩය ලොකු පිටුවහලක් වුණා. මගේ කොණ්ඩය මට වාසනාවක්. මම පිටි පස්ස හැරිල හිටියත් මගේ කොන්ඩ හින්දා මාව ඕන කෙනෙක් අඳුරගන්නවා. මගේ කොන්ඩය මේ විදිහටම තියාගන්න මම ඕනම ඕනෑම අභියෝගයකට මුහුණ දෙනවා. මටත් වඩා මගේ කොණ්ඩෙට ආදරේ කරන්නේ තාත්තා” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතිං ඇයගේ සියලු ම කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.