Celebrity Gossip

පොඩ්ඩක් ඇත්නම් යකා නගින නයනාගෙ පළමු ප්‍රේමවන්තයාගේ කතාව

වර්ෂ 2000 පසු ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාව තුළ නයනා කුමාරි කියන්නේ අමුතුවෙන් අපිට හඳුන්වා දෙන්න ඕන රංගන ශිල්පිනියක් නෙවෙයි. වර්තමානයේ දී ඇය පුංචි තිරයේ දකින්නට නොලැබුනත්. රඟපෑ බොහොමයක් ටෙලිනාට්‍ය චරිත අදටත් අපේ හිතේ තියෙනවා.

රූපලාවණ්‍යය ප්‍රවීණයෙකු ලෙස වර්තමානයේ බෙහෙවින් කතාබහට ලක්වෙනවා . කාලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේන් සමුගෙන සිටි නයනා කුමාරි ඒ දිනවල කවුරුත් කතා වෙන දිව්තුරා ටෙලි නාට්‍යනාට්‍ය ශානිකාගෙ චරිත නිරූපණය කරනවා. මේ චරිතයට ගොඩක් අය බනිනවා . ඒ වගේම එයා ඒ චරිතෙ ගොඩක් හොදින් කරනවා කියලා යහපත් ප්‍රතිචාර හිම්වෙනවා.

එයාගෙ ව්‍යාපාර පිළිබඳව සති අන්ත පුවත් පතකට ප්‍රකාශ කර තිබුණෙ. මෙන්න මේ වගේ අදහසක්

“මම දැන් සැලොන් දෙකක් කරනවා බොරුවට තේරුමක් නැති චරිත බාරගෙන බිසි වෙනවට වඩා හොදයි මගේ ව්‍යාපාර දියුණු කරගන්න එක ළමයි දාලා මනමාලියන්ට අන්දන එකට වඩා මම ඒ දේවල් කරනවට මිනිස්සු ආසයි “

ව්‍යාපාර ගැන අදහස් දැක්වූ ඇය දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ස්ථාවර තැනක සිටිනවා. පවුල් ජීවිතය ගැන කතා කළොත් පළමු ආදරවන්තයා හා විවාහ වුණු ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඔහු කලා ජීවිතය තුළ සිටින පුද්ගලයෙක්. ඔහුගේ හමුවීම පිළිබඳ ඇය පවසා තිබුණේ මෙවන් අදහසක්.

මම රඟපාන්න එනකොට මගේ වයස 16යයි . මගේ පළමු ආදරවන්තයා ඔහුයි . මම මිශ්‍ර පාසලක ඉගෙන ගත්තු ළමයෙක් නිසා එයා මුලින්ම ආදරෙයි කිව්වාම මට බයක් දැනුණේ නැහැ. අද වගේම එදත් ඔහු කටයුතු කළේ පරිණත මනුස්සයෙක් විදියට ලොකු අවබෝධයක් තිබුණා. අපි අවුරුදු දහසයක් ආදරය කරලා තමයි විවාහ වුණේ එයාට පොඩ්ඩ ඇත්තං කේන්ති යන චරිතයක්. හැබැයි ටික වෙලාවයි සෝඩා බෝතලය කැඩුවා වගෙ. මොන ප්‍රශ්න තිබුණත් අපි සතුටින් පවුල් ජීවිතය ගත කරනවා.

ඔන්න ඔය විදියට තමයි නයනා තමන්ගේ පවුල් ජීවිතය ගෙන කියලා තිබුණෙ.