Celebrity Gossip

මං ඉපදුනේ ඉතාලියෙ. අම්මවයි මාවයි හොස්පිටල් එකෙන් එලියට ගන්න තාත්තට සල්ලි තිබිලා නෑ – නතාෂා පෙරේරා

නතාෂා පෙරේරා කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වෙනවා. සුළඟක් වී මං යනවා ගීතය ඔස්සේ කාගේත් ආදරය දිනාගත් ඇය ඉන්පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වු දඟමල්ල ටෙලි නාට්‍ය තුළින් දැක බලාගන්නට පුළුවන් වුණා. කටකාර දඟකාර හුරුබුහුටි චරිතයක් වූ ඇයට බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය නිරන්තරයෙන්ම හිමි වුනා. ඉතින් ඒ කාලේ හිටපු චුටි කෙල්ල දැන් සුන්දර යුවතියක්. මේ වන විට විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කරන ඇය ඉන්පසුවත් ඇයගේ ගීත කිහිපයක්ම එළි දැක්වූවා. ඒ අතුරින් ආරාධනා ගීතය සුවිශේෂී වනවා. එම ගීතයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණනක් තිබූ අතර අදටත් එම ගීතය සඳහා තියෙන්නෙ ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.

ඇය විවාහ වන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමඟයි. අති උත්කර්ෂවත් අන්දමින් සිය මංගල උත්සවය ගත් ඇය එදින ඇඳ සිටි සාරියත් ලක්ෂ දහයකටත් වඩා වටින බව මාධ්‍යවේදියෙක්ට ඇය පැවසුවා. ඒ වගේම තමයි පසුගිය කාලවකවානුව තුල දී ඇයට යම් යම් දෝෂාරෝපණත් රසික රසිකාවියන්ගෙන් එල්ල වුණා. ඒ ඇය youtube මාධ්‍ය සාකච්ඡාවකට ගොස් ඇගේ සමේ පැහැය ලබාගත් ආකාරය පිළිබඳව පැවසූ කරුණු නිසයි. ඉතින් එහිදී ඇය පවසා සිටියේ ඇය තම සම පැහැපත් කරගැනීමට සුදු හඳුන් ආලේප කළ බවයි. නමුත් පියුමි හංසමාලි එහිදී නතාෂා බොරු කියනවා යැයි ඇයට ඉතා සැර ප්‍රකාශයක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමේ සටහන් කරලා තිබුණා. ඉතින් කොහොම වුණත් නතාෂා කියලා කියන්නේ හරිම සුන්දර තරුණියක්. ඉතින් ඇය පසුගිය දිනක එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ උපත පිළිබඳව පවසා සිටියේ මේ විදිහට.

” මම ඉපදෙන්නේ ඉතාලියේ. ඉතින් එහේ අපේ රටේ වගේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් නෑ ඒ කාලේ. ඒ නිසා මාව ඉපදුනාම අපේ අම්මවයි මාවයි hospital එකෙන් එළියට ගන්න තාත්තට සල්ලි තිබිලා නෑ. තාත්තා විතරයි රස්සාව කරලා තියෙන්නේ. ඉතින් තාත්තට කරන්න දෙයක් නැතුව කල්පනා කර කර ඉන්නකොට තාත්තගේ යාලුවෙක් එයාව එක්කන් ගිහින් වතිකානුවට. එවකට හිටපු පාප් වහන්සේට තාත්තගේ යාලුවා ඔක්කොම විස්තරේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඇතුලට ගිහිල්ලා රෝස මලක් ගහපු බාස්කට් එකක් අරන් ඇවිත් දුන්නලු. ඊට පස්සේ ඒක අරන් ඇවිත් නැවත හොස්පිටල් එකට ආවට පස්සේ මාව ඒ බාස්කට් එකට දාලා දීලා තියෙනවලු. ”

එකෙන් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලු ම අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.