Celebrity Gossip

මට ඒ කා එක්කවත් තරඟයක් නෑ කියමින් නර්මදා සිය නව පෙම්වතා තුරුලුකරන් තැබූ සටහන

නර්මදා යාපා අබේවර්ධන කියලා කියන්නේ කලා ලොව තුළ කාගෙත් කතාබහට ලක්වන චරිතයක්. වරක් ශ්‍රී ලාංකික විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් ඇය මොඩ්ලින් වලට වඩා වැඩි ප්‍රියතාවක් දක්වන්නෙ dancing වලටයි. ඒ ඇය කලක් චන්න විජේවර්ධනයන්ගේ පලවෙනි ප්‍රොෆෙශනල් dancer ලෙස කටයුතු කළ නිසයි. ඉතාමත් සුරූපී සිහින් සිරුරකට හිමිකම් කියන ඇයට තිබෙන්නේ යුරෝපීයන් ලුක් එකක් බව බොහෝ දෙනා කතා වෙන කාරණයක්. ඉතින් ඇය කියන්නේ ඇයට එවැනි පෙනුමක් ලැබී ඇත්තේ ඇයගේ තාත්තගේ ආභාෂයෙන් කියලයි.

ඒ වගේම තමයි ඇය නිරූපන ක්ෂේත්‍රයට අමතරව නිවේදනය ඔස්සේත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් කවුරුත් ඇය ගැන දන්න කාරණය තමයි ඇය මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙනවා. විවාහයන් දෙකකින්ම සමු ගෙන තනිකඩ දිවියක් ගත කළ ඇය ආයෙත් නැවත වරක් පෙම්වතියක් කියලා අපට දැනගන්නට ලැබෙනවා. ඉතිං ඒ ගැන පසුගිය දිනකදී එය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියා. ඇය කියන විදියට ඔහු ඇයව ඉතා හොඳින් තේරුම් ගත් පුද්ගලයෙක්. ඉතින් පසුගිය දිනක දී ඇය ඔහුවත් තුරුලු කරන් හරි අපූරු ආදරණීය වදනක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණා. ඒ මේ විදියට.

” මං හරි ආසයි යමක් පැරදුන මනුස්සයෙක් ඒක කිහිපවාරයක් හරි උත්සාහ කරලා ජයග්‍රහණය කරනවා බලන්න. මොකද මං හරි ආසයි දුක් විඳපු , කටු කාපු, මහන්සි උන, පැරදුන , වේදනාවට ලක්වෙවී ජීවිතේ ඇදන් ගියත් , පරාජය බාර නොගත්ත ඒ ධෛර්යවන්ත මිනිස්සුන්ට හරියනවට මං හරි ආසයි එහෙම මිනිස්සු පොඩි හරි දෙයක් ලබාගෙන සතුටු වෙනවා බලන්න සීයට දාහක් ශුවර් කිසිම දවසක මට සතුටින් ඉන්න මනුස්සයෙක් දැකලා ඉරිසියාවක් නම් ඇතිවෙන්නේ නෑ මොකද මට ඒ කා එක්කවත් තරඟයක් නෑ මට ඕන මිනිස්සු හැමෝම දිනන්න මට ඕන හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න “ මේ විදියට ඉතා ආදරණීය සටහනක් තමයි ඡායාරූපයක් සමඟ ඇය තබා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ රුවැත්තියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.