Celebrity Gossip

මිනිස්සු මට ගරහයි පිරිමියා දාලා ගිය ගෑණි කියලා.ඒත් මට ඕන මගේ මානසික සතුට විතරයි – නර්මදා යාපා අබේවර්ධන

නර්මදා යාපා අබේවර්ධන කියලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ සිය ගමන් මග ආරම්භ කල රූමත් මෝස්තර නිරූපණ ශිල්පිනියක් මෙන්ම වැඩසටහන් නිවේදිකාවක් ද වනවා.හිරු ටීවී මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදිකාවක් ලෙස රසිකයන් හමුවට එන ඇය ඊට අමතරව USA සමාගමක Director promotions ලෙසද සිය දිවියේ වැඩකටයුතු කරගෙන යනවා.ඒ වගේම mis sri lanka සහ mrs sri lanka තරගාවලින් ඔස්සේ ජයග්‍රහණය ලබා ගෙන සිටින ඇය මේ වන විට දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවකි.නමුත් ඇයගේ රූ සපුවෙහි කිසිදු වෙනසක් නොමැත.ඇය පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී පැවසුවේ මෙවන් අදහසක්.

“මේ ක්ෂේත්‍රයට ආපු මුල මට ගොඩක් විශිෂ්ට නිර්මාණ රැසකට ආරාධනා ලැබිලා තියෙනවා.නමුත් රංගනය හරහා ගොඩ නැගෙන්න පුළුවන් කියල මට විශ්වාසයක් නැහැ.එනිසා මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කලා.නමුත් නිවේදනය තුළින් මම මාවම විඳිනවා.නිවේදනය මට ලොකු පීඩනයක් ගෙන දෙන්නේ නෑ.ඉතින් මං හරිම ආසාවෙන් තමයි ඒ කටයුතු සිදු කරන්නෙ.

මගේ ජීවිතයේ කිසිම තීරණයක් අනවශ්‍ය විදිහට මම අරගෙන නැහැ.ඒ හැම දෙයක්ම සිද්ද වෙලා තියෙන්නෙ අවශ්‍යම වෙලාවල් වල දී.ඉතින් මම හිතන විදිහට ජීවිතයේ අවශ්‍ය දේවල් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මම කවදාවත් මගේ දරුවෝ දෙන්නාට අසාධාරණයක් කරලා නෑ. තාත්තා කෙනෙක් ඉන්න එක වටිනවා. හැබැයි මම තනියම මගේ දරුවන්ගේ හැම වගකිමක්ම ගන්නවා.

කවුරු මොනා කිවත් මම ජිවත් වෙන්නේ මට ඕන විදිහට. මම මගේ දරුවන්ට හම්බකරලා කන්න දෙන්නේ මගේ මහන්සියෙන්. සමාජයේ කතා අහන්න ගියොත් මට මගේ දරුවෝ දෙන්නත් මඟ හැරෙන්න පුළුවන්. මිනිස්සු මට ගරහයි පිරිමියා දාලා ගිය ගැහැනිය කියලා. හැබැයිමම හොයන්නේ මගේ මානසික සතුට කියන දේ විතරයි.”

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.