Celebrity Gossip

සැමියා දේකට නිදහස දීලා තියෙන්නෙ – නදුනි

ආදරය කියන්නෙ උතුම්ම දෙයක්.ඉතින් මෙි කියන්න යන්නෙ ඒ වගේ ආදරයක් ගැනයි. රංගනය තුල පෙම්සබදතාවක් කියන්නෙ සමහර විට ඒ නිර්මාණය අවසන් වෙද්දි එය අවසන් විය හැකි තරමට සිදුවිය හැකි දෙයක්.නමුත් මෙි කියන්න යන පෙම් සබදතාවය නම් එලෙස අවසන් වුනේ නැති එකක්.

මතක ඇතිනෙ දෙරණ ඩ්‍රීම් ස්ටාස් ගීත ගයපු දිනූෂ.ඔහුගෙ කලා ජීවිතය වෙනස් වෙන්නෙ ධරණි ටෙලි නාට්‍යයේ හමුවෙද්දි ප්‍රේක්ෂකයන් ඔහුව රංගන ශිල්පියෙක් විදියට වැලදගත්දි ඒ තාරුණයට වෙනස් විදියට ප්‍රතිචාර ගලාගෙන ආවා. ” ධරණි ටෙලිනාට්‍ය මගෙ ජීවිතය වෙනස් කලා.ඒක හරියටම කිව්වොත් හිතාගන්න බැරි තරමෙ ජනප්‍රියත්වයත්වයකට පත්වුනා.වලාකුලේ ඒවිදෝ අම්මා නාට්‍යයත් ඒ විදියටම ජනප්‍රියත්වයට පත්වුනු නාට්‍යයක්.

දිනූෂ විවාහ වුනු හැඩකාරිය තමයි නදුනි කියන්නෙ.ඇයත් දෙරණ නාලිකාව තුලින් හැමෝම හදුනාගත්තෙ රංගන ශිල්පිනියක්. ” මුල්කාලෙ අපේ ආදර කතාව ගොඩක් අයට හංගගෙනහිටිය.පහුකාලෙ තමයි ඒ ගැන හැමෝම දැනගත්තෙ.විවාහය දක්වා යන්න දෙන්නෙක් අතර තියෙන සබදතාවය වැදගත්වුනා.එතනදි විශ්වාසය වගේ දේ⁣වල් ඒකට බලපානවා.

දිනූෂ මෙි දවස්වල රගපාන ඉස්කෝලෙ ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායකවෙනවා. ” ලොකු ප්‍රතිචාර හම්බෙන නාට්‍යයක් තමයි ඉස්කෝලෙ කියන්නෙ.ඉතින් ඉස්කෝලෙ ගැන අද පාරට බැස්සහමත් ගොඩක් අය අහනව.ඒ වගේ ප්‍රතිචාර හින්දම නිතර ම මගෙ ෆේස්බුක් එකට පවා පණිවිඩ ගලාගෙන එනවා.ඒ වගේ රසිකයන් රසිකාවියන් ප්‍රමාණයක් හමුවුනේ දෙරණ නිසයි.එහෙම බැලුවොත් අපේ ජීවිත වෙනස් කලේ දෙරණ

තමන්ගේ ජනප්‍රියත්වය නිසාම විවාහය කල්දාන ඒ වගේම තමන්ගෙ ඇත්ත ජීවිතය හංගගෙන ඉන්න කලාකාරිනියො කලාකරුවන් හිටියට මෙි පෙම්වතුන් තමන්ගෙ ප්‍රේමය විවාහයකින් අවසන් කරපු එක කොච්චර දෙයක්ද කියල ඔබටත් හිතෙනව ඇති. ” ඉදිරියේදී දෙරණ හරහාම අලුත් නාට්‍ය කිහිපයකට දායක වෙන්න අදහස් කරගෙන ඉන්නව.ඒ වගේම ගායන කටයුතු පවා නවත්වන්න මම හිතන්නෙ නෑ.අනාගතයෙ එහෙම නිර්මාණ කිහිපයකින් රසිකයන් අතරට එනවා” තවමත් ආදරය කරන අය ක්ෂේත්‍රයේ හිටියත් තමන් හොදට ඉන්නවනම් කිසිම ගැටලුවක් නෑ කියලයි නදුනි කියන්නෙ