Celebrity Gossip

මට දුක හිතිලා මාත් වොයිස් ක්ලිප් එකක් දැම්මා. අද කාලෙ අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැහැ

ලංකාවේ මේ වන විට සිටින ඉතාමත්ම ජනප්‍රිය යුවළක් තමයි නදී රාජ් කියලා කියන්නේ. උපතින්ම කාන්තාවන් වන මොවුන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇති වෙනසක් නිසා ඇති වූ විවාහය නිසාම ලංකාවේ කොයි කාගෙත් කතාබහට ලක්වීමට ඔවුන්ට සිදුවුණා. ලංකාව තුළ එවැනි විවාහයන් වලට තවමත් ඉඩක් දී නොමැති මුත් ඔවුන් දෙපළ පෝරු මස්තක චාරිත්‍රාදිය සියල්ලක්ම සිදු කරලා ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් සිය විවාහ මංගල උත්සවය ගැනීමට තීරණය කරනවා. ඉන්පසුව ලංකාවේ බොහෝ දෙනාගේ ආශිර්වාදය ලබා ගැනීමට පුළුවන්කම ලැබූ ඔවුන් දෙදෙනා ඉතාමත්ම සතුටින් සැහැල්ලුවෙන් විනෝදකාමී ව තමයි සිය ජීවිතය ගත කරනු ලැබුවේ.

නදී තමන්ගේම කියා රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කර තිබූ අතර දිනෙන් දින ඔවුන් දෙදෙනා තම ජීවිතය දියුණු කරගනිමින් අනාගතය සාර්ථක කරගැනීමට මහත් වූ වෙහෙස මහන්සියක් ගනු ලැබුවා. ඉතින් පසුගිය දවස්වල ඔවුන් පිළිබඳව වැඩි කතාබහකට ලක් වූයේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ එක්තරා ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙනි. එහිදී රාජ් නදී පිළිබඳව නොයෙකුත් දෑ සිය ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පලකළ අතර එහිදී ඔහු සඳහන් කරනු ලැබුවේ ඔවුන්ගේ සම්බන්ධය තවදුරටත් නොමැති බවයි. නමුත් මේ වන වනවිට නැවතත් ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්නය කතාබහ කරගෙන විසඳගෙන තියෙනවා. ඉතින් ඒ ගැන ඔවුන් එක්තරා වීඩියෝවක් මගින් සිදු වූ සියල්ල පල කරලා තිබුනා. ඒ මේ විදියට .

“කොහොමද යාලුවන්ට. ගොඩක් දවසකට පස්සෙ අලුත් video එකක් අරන් ආවේ. නදී කෝ කියලා හැමෝම මගෙන් ඇහුවා. පොඩි ප්‍රශ්නයක් වුණා, කලබල වීමක්, වැරදි වැටහීමක් මත. ප්‍රශ්නේ අපි විසඳගත්තා. මට දුක හිතිලා මාත් voice clip එකක් දැම්මා. ඒක viral වුණා. අපි දෙන්නා අදටත් එකට කියලා කියන්න කැමතියි සතුටින්. ආදරෙන් කියනවා, දෙන්නෙක් අතර ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ දෙන්නා අතර විතරක් තියාගෙන විසඳගන්න. අම්මා තාත්තාවත් අද කාලේ විශ්වාස කරන්න බැරි කාලයක්. එහෙම involve වුණොත් ආයේ ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒවා private විසඳගන්න. කවුරුත් ඉදිරියේ ගහගන්න යන්න එපා.ඉක්මණින් කේන්ති අරන් ප්‍රශ්න විසඳන්න බෑ. දෙන්නාට දෙන්නා ආදරේ වැඩි නිසා තමයි එහෙම වුණේ. ඒකයි සැක කරන්නේ. කවුරුත් ප්‍රශ්න ඇති කරගන්න හොඳ නෑ. මොකද සමහරු බොර දියේ මාලු බානවා”

ඉතින් ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.