Celebrity Gossip

ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව මම කියලා කිව්වත් ඒකෙ වැරද්දක් නැහැ – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ නිරන්තරව ම දැකබලා ගත හැකි ඉතාම සුරූපි නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය බොහෝ music videos තුළත් වෙළඳ දැන්වීම් තුළත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. පියුමි හංසමාලි කියන්නේ කියන්න තියෙන දේ කෙළින්ම මූණටම කියන ජාතියෙ කෙනෙක්. ඉතින් ඇයගේ එම අපූරු ගති ලක්ෂණය නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇයට ප්‍රිය කරනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවනේ ඇය මේ දවස්වල ඉන්නෙ හරිම සතුටින්. ඒ තමයි ඇයගේ අලුත් පෙම්වතා වන ප්‍රගීත් සමඟ ඇය ඉතාමත් සතුටුදායක විනෝදකාමී කාලයක් ගත කරන නිසා. ඉතින් පසුගිය කාල වකවානුව තුළදී ඇයට එල්ල වූ නොයෙක් චෝදනා වලින් ද ඇය පීඩා විඳි නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් වලින්ද දැන් ඇයට යම් සහනයක් ලබා දෙන්නේ ඔහුයි.

ඉතින් piumi කියලා කියන්නේ ඉක්මනින්ම උණු වන හදවතක් ඇති තැනැත්තියක්. ඇය බොහෝ උපකාරයන් අසරණ මිනිස්සුන්ට කරනු ලබනවා. ඒ වගේම තමයි ඇයගේ ආදරණීය පුතත් මවත් කිසිදු අඩුවක් නොකර ඇය රැක බලා ගනු ලබනවා. ඉතින් ඇය පසුගියදා එක වූ එක්තරා මාධ්‍ය වැඩසටහනකදී ඇයගේ ජීවිතයේ ඇය අත්දැකපු දේවල් පිළිබඳව රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ විදිහට.

‘ ලංකාවේ සමහර මිනිස්සු හරිම කුහකයි, තව කෙනෙක් ලස්සනට ඇඳලා කරලා කාලා බිලා ඉන්නවා බලන්න ආස නැහැ. තමන්ට වඩා තව කෙනෙක් දියුණු වෙනවානම්, තමන්ට නොලැබුණු දේවල් තවත් කෙනෙක්ට ලැබෙනවානම් පුදුම ඉරිසියාවක් තියෙන්නේ. සමහරු කමෙන්ට් දානවානේ ඔයා අම්මා කෙනෙක් නේද මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා. මොන විදියට හරි මාව ෆලෝ කරන අයගෙන් මට ආදරේ කරන සහ මගේ ඇද හොයන්න බලගෙනත් පිරිසක් ඉන්නවා. විවේචන කරමින් හරි මිනිස්සු මන් ගැන අවදානෙන් ඉන්නවා.

ප්‍රසිද්ධියක් ලබන්න අමුතුවෙන් මට කරන්න දේවල් ඕන නෑ. දැනටත් ලැබිලා තියන ප්‍රසිද්ධිය හොඳටම ඇති, ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව මම කියලා කිව්වත් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ. අරයා කිව්වා මෙයා කිව්වා කියලා තව කෙනෙක්ව එහෙම මනින්න පුරුදු වෙන්න එපා. මාව ලගින් ආශ්‍රය කරන කෙනෙක්ගෙන් අහලා බලන්න පියුමි හංසමාලි කියන්නේ කවුද කියලා. මම ඉස්කෝලේ යන කාලේ හොඳම ළමයෙක් විදියට හිටියා. පාසලේ හිටිය හොඳම ශිෂ්‍ය නායිකාව වුනෙත් මම. ඉගනීමෙන් ඉස්සරහට යන්න බැරිවුනේ මට කිසිම දෙයක් මතක හිටින්නේ නෑ. අමතක වෙනවා. ඒක නිසා අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න උවමනාවක් තිබුනේ නැහැ. ‘

මේ විදිහට තමයි ඇය එහිදී කියා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය නිරූපණ ශිල්පිණියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු ඇය සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.