Celebrity Gossip

ඩොක්ටර් ළඟට යන දවසට මොන වැඩේ තිබ්බත් මේනක එනවා ඒ අතින් මං හරි වාසනාවන්තයි – නෙහාරා පීරිස්

පුංචි තිරයේ කටකාර හැඩකාරියක් තමයි නෙහාරා පිරිස් කියලා කියන්නේ. මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය ඔස්සේ රසික රසිකාවියන්ගේ ඉමහත් ආදරය දිනාගත් ඇය මේ වන විට ටෙලි නාට්‍ය විස්සකට පමණ සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඒ වගේම තමයි ඇය රංගන ක්ෂේත්‍රයට අමතරව ඇයගේම කියා නර්තන ආයතනයක් පවත්වාගෙන යනු ලබනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවනේ නෙහාරා පීරිස් දෙවන වරට විවාහ වන්නේ අප කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමඟයි.

ඔවුන් දෙදෙනාට මේ වන විට මෙයිලි නමින් හඳුන්වන සුරතල් දියණියක්ද සිටිනවා. ඉතිං ඔවුන්ගේ පුංචි පවුල ආලෝකමත් කරමින් මේ දවස් වල තවත් පුංචි අමුත්තෙක් ගෙදරට එන්න තමයි බලාගෙන ඉන්නේ. ඒ නිසා නෙහාරා මේ දවස් වල ටිකක් කලා කටයුතු වලින් ඈත් වෙලා ලු ඉන්නේ. ඉතින් ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ දෙවන මව් පදවිය ගැන සහ එයට මේනකගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව රසිකයා සමඟ පැවසුවේ මේ විදියට.

“මේ දවස්වල පොඩ්ඩක් නිහඬව ඉන්න හිතුවා. ඒකත් සුන්දර නිහැඬියාවක්. මොකද ආයිමත් මං මවු පදවිය ලබන්නයි යන්නේ. ඒක මට ලොකු සතුටක්. දරු දෙන්නෙකුගේ මවක් වීමේ සුන්දර අත්දැකීම විඳිමින් මේ දවස්වල සතුටින් කාලය ගතකරනවා. දුවට දැන් අවුරුද්දයි මාස නමයක් වෙනවා. එයාගේ සුරතල් බල බලා එයාගේ වැඩක් එක්ක ඉන්නකොට නිකන්ම කාලය ගෙවෙනවා.

මේනක රංගනයට වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමූවී ඉන්න නිසා ඔහුත් ගොඩක් කාර්යබහුලයි. මේ දවස්වල මගේ ඩාන්සින් ස්ටුඩියෝ එක ගැන බලන්නෙත් එයා. අනිත් ගුරුවරු පන්ති කරගෙන යනවා. වර්ක් ෂොප් කරනවා. කොතරම් වැඩ තිබුණත් මේනක මා ගැන, ගෙදර ගැන හොයලා බලන්න වෙලාව වෙන්කර ගන්නවා. එයාට පුළුවන් හැම වෙලාවෙම ගෙදර වැඩවලට සහයෝගය දෙනවා. ඩොක්ටර් ළඟට යන දවස්වලට අනිවාර්යයෙන්ම මොන වැඩේ තිබුණත් එයා එනවා. ඒ අතින් මං ගොඩාක් වාසනාවන්තයි. මේනක වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාව. “

ඉතින් පුංචි පවුලට එකතු වෙන අලුත් සාමාජිකයාට උණුසුම් සුබ පැතුම් එක් කරන ගමන්ම ඔවුන්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.