Celebrity Gossip

රනිල්ගෙන් වෙන්වුණු මේනකා පීරිස් රහසේම විවාහ වී පුංචි පුතෙකුට උපත දෙයි

කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරපු ඒ වගේම අදටත් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි මේනකා පීරිස් කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම හරිම ලස්සනට තාලේ තියලා නටන දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩිය ඇය ගැන විස්තර කියන්න ඕනෙ නෑ. මොකද නම කිව්ව සැණින් එසැණින් ලංකාවේ හෝ වේවා විදෙස් රටක හෝ වේවා සිංහල කලාවට ආදරය කරන ඕනි කෙනෙක් ඇය ගැන නොදන්නවා නොවෙයි.

ඇය පසුගිය කාල සීමාවේදී පානාමංකඩ ටෙලි නිර්මාණයෙන් පස්සේ නිතර ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටෙන්න හිටියේ නැහැ. ඒ නිසාම ඇය ඇයි මේ විදිහට නිහඬ වෙලා ඉන්නෙ ආයෙත් කලා ලෝකෙට එන්නේ නැද්ද ඇය කලාවට සමු දීලා ද කියන ප්‍රශ්න ප්‍රේක්ෂකයන්ගෙන් මතුවෙන්න පටන් ගත්තා.

මේ විදිහට ප්‍රේක්ෂකයන් අතර කතාබහක් ඇති වෙන්න පටන් ගත්තේ ඇයගේ කිසිම සමාජ මාද්‍ය ජාලාවක හෝ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙලා වර්තමාන ජීවිතය පිළිබඳව අදහස් හුවමාරු කර නොගත් නිසා වෙන්න ඇති. ඉතින් ඇත්තටම ඇය පිළිබඳව හොයන කෙනෙක් නම් හොයපු කෙනෙක් නම් ඔබ දන්නවා මේනකාගේ පෞද්ගලික ජීවිතයේ ඇති වූ යම් යම් කිසි ගැටළුකාරී තත්වයන් ගැන.

ඇය කලින් විවාහ වුණේ දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන රනිල් කුලසිංහ සමග කියන්නා. මේ දෙන්නා ඒ විදිහට ආදරයෙන් එද්දී දෙන්නා අතර ඇති වෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා දෙන්නම තීරණය කරනවා විවාහයට සමුදෙන්න. කෙසේ නමුත් ඒ වෙන්වීම නිසා ඇයට නොයෙකුත් කට කතා ක්ෂේත්රය තුළ නිර්මාණය වුණා. නමුත් ඒ කිසිම කටකතාවකට සෘජුව පිළිතුරු දෙන්න ගියපු නැති මේනකා කාලයක් නිහඬ වෙලා ඉඳලා ඔන්න ප්‍රේක්ෂකයන්ට අදහා ගන්නවත් බැරි සුබ පණිවිඩයක් අරං ආයෙමත් ඇවිල්ලා.

ඒ තමයි ඇය රනිල් ගෙන් වෙන් උනාට පස්සේ නැවතත් ජීවිතය ගැන අලුතෙන් හිතනවා.ඒ තවත් ඇගේ අදහස්වලට ගැළපෙන අලුත් පුද්ගලයෙක් එක්ක.ඇය මේ විදිහට විවාහ වුණේ කලක් මාධ්‍ය ක්ෂේත්රය තුළ දක්ෂයෙක් විදිහට කටයුතු කරපු ප්‍රචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටිය සදර්න් ටර්න් නෙට්වර්ක් ආයතනයේ හිමිකරු වන ඩිල්ෂාන් පතිරණ සමගයි.

පරණ ගෙවුණු අතීතයට සමු දීලා අලුත් ජීවිතයක් පටන් ගත්තු ඇය මේ නිහඬ වෙලා හිටපු වසර දෙකක කාලය තුළ වාසනාවන්ත වුණා පුංචි පුතෙකුට උපත දීලා උතුම් මව් පදවිය ලබන්න. ඔවුන්ගේ කැදැල්ලට එකතු වුණු මේ අලුත්ම සාමාජිකයා ගේ පලමු උපන්දිනය සමරමින් මේනක සහ ඩිල්ෂාන් හරි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බා.

ඉතින් මේනකාට ආදරය කරන ගොඩක් දෙනෙක් හිතා ගන්නවත් බැරි මේ සුබ පණිවිඩය පිළිබඳව හදවතින්ම සතුටු හිතෙයි. ඉතින් අපිත් මේ සුන්දර පවුලට තවත් බොහෝ කාලයක් සතුටින් ජීවත් වන්නට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන අතර පුංචි පැටියත් නිදුක් නිරෝගී සුබ උපන්දිනයකට ආසිරි පතන්නෙමු.