Celebrity Gossip

ඇත්ත ජීවිතෙ අපි ගත්ත තීරණයකට සමාන දෙයක් රඟපෑවොත් ඒක කතාබහට ලක්වෙනවා – මේනක රාජපක්ෂ

මේනක රාජපක්ෂ කියල කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිටින කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය තුළින් බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනාගත් මේ අපූරු රංගන ශිල්පියා බොහෝ ටෙලි නාට්‍යය තුළත් සිනමා නිර්මාණ තුළත් සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඔහු මුලින්ම අධ්‍යයනය සඳහා යොමු වී තිබෙන්නේ අධ්‍යක්ෂණය සඳහායි.

නමුත් ඔහු වැඩි වශයෙන්ම රංගන ශිල්පියෙක් විදිහට තමයි සිය දක්ෂතාවය එළි දැක්වූයේ. නමුත් ඔහු වඩාත් ප්‍රියතාවක් දක්වන්නෙ අධ්‍යක්ෂණ කටයුතු සඳහා බව ඔහු කියා සිටිනවා. ඒ වගේම අධ්‍යක්ෂණය සඳහා පිවිසීමට ඔහුට වසර 16ක් වැනි විශාල කාලයක් ගත වී තිබෙනවා. නළුවෙක්ට අධ්‍යක්ෂණය පිළිබඳව යම් අවබෝධයක් තිබෙන බවත් නළුවෙක් වීම තුළ අධ්‍යක්ෂණය සාර්ථක කර ගන්නට යම් වාසියක් තිබෙන බවත් ඔහු කියා සිටිනවා.

ඉතින් ඔබ අප කවුරුත් දන්නා පරිදි මේක රාජපක්ෂ මේ වන විට විවාහ වී සිටින්නේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් වන නෙහාරා පීරිස් සමඟයි. ඒ ඔහුගේ දෙවන විවාහය යි. ඉතින් මේ වන විට ඔවුන් දෙපළට මෙයිලි නමින් ආදරණීය දියණියක් සිටින අතර නැවතත් ඔවුන්ගේ පවුලට අලුත් සාමාජිකාවක් ඒමට සිටින බව අප කවුරුත් දන්නවා.

ඉතින් පසුගිය දිනකදී මේනක එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියා හරි අපූරු පැනයක් ඔහුගෙන් අසනවා. ඒ තමයි ජනප්‍රිය පුද්ගලයකු වීමත් සමඟ පෞද්ගලිකත්වය වැඩි වශයෙන් සමාජයට නිරාවරණය වනවා සහ විවේචනයට ලක් වනවා. ඔබ ජීවිතයේ කොපමණ ඉදිරියට ගොස් සාර්ථකව සිටියත් තවමත් මිනිසුන් ඔබේ අතීතය ගැන කතා කරනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නෙ කියායි. ඉතින් එයට මේනක මේ වගේ පිළිතුරක් ලබා දෙනවා.

” ඔව්. මම හිතන්නේ ඒක මේ පැකේජ් එකත් එක්කම එන දෙයක්. පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එවැනි තීරණයක් ගත්තා. ඔහු මේ දිනවල රූපවාහිනියේ පෙනෙන්නට නොසිටින නිසා ඒ ගැන වැඩි කතාබහක් ඇතිවුණේ නැහැ. මම සමාජයට උදවු කරන හොඳ චරිතයක් කළොත් ආ මේ මේනකගේ ඇත්ත ජීවිත කතාව කියලා කියන්නෙ නැහැනේ. හැබැයි අපි ගත්ත තීරණයකට සමාන දෙයක් කළොත් ඒක කතාබහට ලක්වෙනවා. ඒක ප්‍රේක්ෂකයන්ගේ ස්වභාවය. එය වැරැදියි කියන්න බැහැ. ඇතැම් විට මමත් ප්‍රේක්ෂකයෙක් වුණොත් ඒ විධියට දකින්න පුළුවන්. “

ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.