Celebrity Gossip

විජයයි මායි ගොඩක් ආදරෙන් හිටියා. දරුවන් ඉන්නවානේ කියන වගකීම මට නැහැ – මාලනී ෆොන්සේකා

සිනමාවේ නිළි රැජින ලෙසින් විරුදාවලිය ලත් අපේ ආදරණීය රංගන ශිල්පිනිය තමයි මාලනී ෆොන්සේකා කියලා කියන්නේ. තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ පුංචි බබා සිනමාපටය තුලින් කරළියට පැමිණි ඇය 1969 වර්ෂයේ දී හිඟන කොල්ලා සිනමාපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. දශක හයකට වැඩි කාලයක් පුරාවට සිනමාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වන වනවිට සිනමා පට 150 කට අධික ප්‍රමාණයක සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ ඇය ඉන්පසු කැලණිය වෙඩිමුල්ල ප්‍රදේශයට මාරු වීමත් සමගම ගුරුකුල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබුවා. විජය කුමාරතුංග , ගාමිණී ෆොන්සේකා වැනි සිනමාවේ දැවැන්තයන් සමගින් සිය රඟපෑම් කටයුතු සිදු කළ ඇයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාවන් පිරිසක් ප්‍රිය කළේ ඇයගේ වූ තාත්වික රංගන හැකියාව නිසාමයි. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇගේ ජීවිතය ඇතිවුණු පසුතැවීම අසාර්ථක වීම් පිළිබඳව රසිකයා සමඟ කියා සිටියේ මේ විදියට.

” කලාකරුවකුට ජීවිත දෙකක්‌ තියෙනවා. කලාකාරිනියක ලෙස මගේ ජීවිතය සාර්ථකයි. පෞද්ගලික ජීවිතයේත් කලකිරීම් නිසා හිත නොකැඩී ඉදිරියට ආවේ කලාකාරියක වීම නිසයි. කලා ලෝකය නිසා මගේ පෞද්ගලික ජීවිතයත් ආරක්‍ෂා වුණා. හිත කඩාවැටිලා, දුක හිතිලා, හඬා වැටෙන්න සිද්ධ වුණත් මම ඉන් ගොඩ එනවා. මම මගේ කලා ජීවිතය නිසා ප්‍රබෝධමත් වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකු මුහුණ දෙන ආදරය, රැවටීම් අසනීප වැනි ප්‍රශ්නවලට මමත් මුහුණ දී තිබෙනවා. ඒත් ඒවාට මුහුණ දීමට පුදුමාකාර ශක්‌තියක්‌ කලාකාරියක වීම නිසා මට ලැබී තිබෙනවා.

බැඳීම් හරිම අඩුයි. අම්මා, තාත්තා තමයිනේ ලොකුම බැඳීම. ඒ අය අද නෑ. මගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනත් ජීවතුන් අතර නෑ. දරුවන් ඉන්නවානේ කියා වගකීමක්‌ මට නෑ. දරුවෙක්‌ හිටියානම් එයා මට විශාල වගකීමක්‌ වගේම බැඳීමක්‌. දැන් මම හුඟාක්‌ දේ අත්හැරලා තියෙන්නේ. අත්හැරීම් ගැන කම්පා වෙන්නෙත් නෑ. මම සියල්ල තේරුම් අරගෙනයි ඉන්නේ. “

ඒ වගේම කලක් අයගේ පෙම්වතාව සිටි විජය කුමාරතුංගයන් පිළිබඳව ඇය සඳහන් කළේ මේ වගේ දෙයක්.

“විජයත් මමත් ගොඩක් ආදරෙන් හිටියා. එක එක හේතු තිබුණා ඒ විවාහය වැළකෙන්න. ඒ විවාහය සිදු වුනා නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා. ඉතින් ඒක සිද්ධ වෙන්න තිබුණු දෙයක් නේද. ඒක වළක්වන්න කාටවත් බැහැ. විජේගේ මගේ මතක ගොඩක් ඉතිරිවෙලා තියෙනවා ජීවිතය පවතිනතුරු විශේෂ තැනක් තියෙනවා ඒවට ඉතින් එහෙම තැනක් තමයි ඔහුට තියෙන්නේ ”

වෙන කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලාකාරිනියට කලාව තුළ දිගුකලක් රැඳීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.