Celebrity Gossip

මගෙ තාත්තට ඕනෙ වුණේ කොහොම හරි මම ජීවත් වෙනවා බලන්න ඒත් මම මාව ගොඩක් විශ්වාස කළා

ශ්‍රී ලාංකේය සිනමාව තුළ අග්‍රගන්‍ය රංගන කෞශල්‍යයක් විදහා දැක්වූ හරි අපූරු රංගධරයෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. ඔහු බොහෝ ප්‍රහසන රංගනයන්හි මෙන්ම බැරෑරුම් චරිත රංගනයන්හිද දැක්වූයේ අසහාය කුසලතාවයක් නිසාම බොහෝ රසික රසිකාවියන් ඔහුට ගෞරවනීය ආදරයක් දක්වනවා. ඒ නිසාම ඔහුගේ එම තාත්වික රංගනය නිසා ම ඔහු වටා එක්වූ ප්‍රේක්ෂක ප්‍රමාණයද අති විශාලයි. ලංකාව තුළ ඉන්නා ප්‍රේක්ෂකයන් පමණක් නොව විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ගෙන් ද ඔහුට ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඉතිං ඒ නිසාම අප ඔහු පිළිබඳව කතා කරන්න සිතුවා. ඉතින් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූයේ මේ විදියට.

“ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මම නළුවෙක් වෙනවා කිව්වම මගේ තාත්තා මාව විශ්වාස කලේ නැහැ. මොකද එයාලගේ කාලේ නළුවෝ කියන්නේ හොඳ හැඩි දැඩි සිරුරක් හා පෞරුෂයක් තියෙන පුද්ගලයන්. එහෙම තත්වයක මම වගේ පොඩි එකෙක් කොහොමද නළුවෙක් වෙන්නේ කියලා තාත්තට හිතුනා. තාත්තට ඕන වුණේ කොහොම හරි මම ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන පාඩුවේ ඉන්නවා බලන්න. හැබැයි මම මාව ගොඩක් විශ්වාස කළා. හිතේ විශ්වාසයෙන් වැඩ කළා. මම හරි දේ කළා කියලා පෙන්නන්න, තාත්තගේ විශ්වාසය ගොඩනඟා ගන්න නම ජීවිතය සැලකිය යුතු කාලයක් කැප කළා. අන්තිමට මම ඒක කළා. මට ඕනෙ වුනේ කලබලේට කවුරුමහරි වෙන්න නෙවෙයි. මම බලාපොරොත්තු වුන කෙනා වෙන්න.

ගොඩක් දෙනෙක් මට කියන දෙයක් තමයි මොන රැලි ආවත් කලා ක්ෂේත්‍රයේ මහේන්ද්‍ර පෙරේරා කියන චරිතය එක ලෙසම පවතිනවා කියන එක. මං හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව තමයි මට ලැබෙන චරිත වලට මම සීයට දෙසීයක් ම සාධාරණයක් ඉටු කරන එක. මට ලැබෙන සෑම හැම චරිතයක්ම මම තෘප්තිමත් මට්ටමට එන ලෙස සාර්ථකව රඟ දැක්වූවා. මම දකින දෙයක් තමයි ජනප්‍රිය නළුවෙක් වෙනවට වඩා දක්ෂ නළුවෙක් තමයි කලාව තුලින් බිහි විය යුත්තේ. මම ඒ හැම දෙයක්ම අත්විඳලා තියෙනව. නමුත් ඉතිං ඒ හැම දෙයක්ම දාලයන්න දවසකුත් අපිට එනවා”

මේ විදියට තමයි ඔහු පවසා තිබුණේ. ඉතින් මේ ආදරණීය රංගධරයාගේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.