Celebrity Gossip

කිසිම ගෑණියෙක් කැමති නෑ තමන්ගේ ස්වාමිපුරුෂයාව කාටවත් දෙන්න. මට නම් දෙන්න ලෝබයි 

කලා ලොව තුල සිටින ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ. අතීත සිනමාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ඇය බොහෝ ටෙලි නිර්මාණ සඳහාත් සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඇය විවාහ වන්නේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය කලාකරුවෙක් වන මධුමාධව අරවින්ද සමඟයි. ඉතාමත් ආදරයෙන් සහ සතුටෙන් ඔවුන් පවුල් ජීවිතය ගත කළ අතර ඔවුන් දෙදෙනාට ස්වේතා නමින් ආදරණීය දියණියක් ද සිටිනවා. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස ඔවුන් අතර ඇතිවු යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීමට ඔවුන් තීරණය කරනවා.

ඉන්පසුව මධුමාධව අරවින්ද තවත් විවාහයන් දෙකක් සිදු කළ අතර ඔහුගේ දෙවන විවාහයත් අසාර්ථක වුණා. මේ වන විට ඔහු සිටින්නේ ඔහුගේ තුන්වැනි බිරිඳත් සමඟයි. නමුත් නිල්මිණී තෙන්නකෝන් තවමත් දියණියත් සමග තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී දරුවෙක් සමග තනි වූ කාන්තාවක් විදිහට ඇයට සමාජයෙන් මුහුණ දීමට සිදුවන දේවල් පිළිබඳව අදහස් දක්වල තිබුන මේ විදිහට.

” පිරිමියෙක්ට විවාහ වෙන්න පුළුවන් නැවත. හැබැයි කාන්තාවකට ගොඩක් දේට මුහුණ දෙන්න වෙනවා සහ ගොඩක් හිතන්න වෙනවා. දහ පාරක් විතර හිතන්න වුවමනයි. ඒ වෙලාව ගැන නෙවෙයි. ඉදිරිය ගැන. හැමෝම එහෙම නෑ. හොඳ අය ඉන්නවා මේ ලෝකේ, තමන්ගේ දරුවා වගේ බලාගන්න. ඒ වුණාට මට කියන්න තේරෙන් නෑ, අපි දෙන්නෙක් එකතු වෙලානේ දරුවෙක් හදන්නෙ. එතකොට ඒ දරුවාගේ අම්මයි තාත්තායි දෙන්නම ඒ වහළ යට ඉන්නවා කියලයි මම හිතන්නෙ. අපි ගිහිල්ලා තව පිරිමියෙක් ගෑනියෙක් නළවලා හුරතල් කරනවට වැඩිය අපේ දරුවා හුරතල් කරන එක හොඳයි කියලා.

ඉන්න බැරි නම් ඇත්තටම වෙන් වෙන්න ඕන. දරුවාගේ යුතුකම් ඉටු කරන එක අම්මා තාත්තා දෙන්නටම වගකීමක් තියෙනවා. මම දැකලා තියෙනවා, සමහරු වෙන් වෙලා ඉන්නවා. දරුවන්ගේ යුතුකම් ඒ ටූ ඉසෙඩ් ඉටු කරනවා. ඒක හරි ෂෝක්. ඒකට මම කැමතියි. ළමයා එක්ක සම්බන්ධය ගොඩ නඟාගන්න එක වටිනවා. මට නම් චුට්ටක් අමාරුයි. මොකද.. මම ආදරේ කරලා විවාහ වෙච්ච කෙනෙක් ව තව කෙනෙක්ට දෙන්න මට ලෝබයි. කිසිම ගෑනියෙක් කැමති නෑ තමන්ගේ ස්වාමිපුරුෂයා කාටවත් දෙන්න. සමහර husband ලත් කැමති නෑ. “

මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.