Celebrity Gossip

මට තාත්තා ගැන තියෙන්නේ කලකිරීමක් මගෙ ළමා කාලය හරි අමිහිරියි – ලෝචි ජයකොඩි

ලෝචනා ජයකොඩි කියනවාටත් වඩා ලෝචි කියනකොට තමයි ඇයව ගොඩක් දෙනෙක් හදුනාගන්නේ. විනෝදකාමී කෙටි වීඩියෝස් ඔස්සේ රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරන ඇය සැබවින්ම ඉතාමත් නිරහංකාර නිහතමානී යුවතියක් වනවා. Youtube instagram facebook tik tok සමාජ මාධ්‍ය ඔස්සේ අපට ඇයගේ විනෝදකාමී videos දැක බලාගන්නට පුළුවන්. ඇය අධ්‍යාපනය හදාරන ලබන්නේ පිළියන්දල ප්‍රදේශයෙන්. එහිදී පළමු අධ්‍යාපනය පිලියන්දල කනිෂ්ඨ විද්‍යාලයෙන් ලබා ගන්නා අතර සාමාන්‍ය පෙළ සඳහා කැස්බෑව ආටිගල විද්‍යාලයට ඇතුළත් වනවා. උසස් පෙළ සඳහා ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට ඇතුළත් වුවත් ඇයට උසස් පෙල විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයගේ මව සුව කළ නොහැකි රෝගී තත්ත්වයකින් ඒ වෙන විට පෙළුණු නිසයි.

ඉතින් පවුලේ වැඩිමහල් ගැහැණු දරුවා වූ ඇය සිය නැගණියන් දෙදෙනාගේ වගකීම මවක් මෙන් භාරගනු ලැබුවා. ඇයගේ වැඩිමහල් නැගණිය මේ වන විට විවාහ වී සිටින අතර බාල නැගණිය තවමත් ඇය සමග නිවසට වී සිටිනවා. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ පියා පිළිබඳව පලමු වතාවට හෙළි කරනු ලබනවා. ඒ මේ විදියට.

‘ මම තමයි නංගිලා දෙන්නව බලාගත්තේ. මම මේ මුල් වතාවට කියන්නේ තාත්තා ගැන. අම්මා නැති වුණා ට පස්සේ මගේ ළමා කාලය හරි අමිහිරියි. තාත්තා කුඩම්මෙක් ගෙනාවා. එයා හොඳ අම්මා කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මට තාත්තා ගැනත් ඇති වුණේ කලකිරිමක්. මේ වෙද්දී මාත් එක්ක චුටි නංගි ඉන්නවා. ලොකු නංගි විවාහකයි. ‘

ඒ වගේම තමයි ලෝචි කියන්නේ එක්තරා කාලයක් ආදරයෙන් බැට කාපු යුවතියක්. වසර හයක් පුරාවට පෙම් කළ පුද්ගලයා සමග විවාහ වූ ඇයට එම ජීවිතය තුළින් ද ලබාගත හැකිවූයේ අසුන්දර අත්දැකීම් ගොන්නක්. ඉතින් එම විවාහයෙන් වෙන් වූ ඇය කාලයක් තනිකඩව සිටියත් මේ වන විට නම් පෙම්වතියක් බව තමයි ආරංචි වන්නේ. ඒ ගැන ඇය පැවසුයේ මේ විදියට.

‘ දිනුක ජෝන් තමයි මගේ පෙම්වතා. ජෝන් මාත් එක්ක විඩියෝවල හිටියා. යාළුවෝ වගේ හිටියේ, ඒ කාලේ අපි අතර ආදරයක් ගැන අදහසක් තිබුණෙත් නැහැ. ඒ කාලේ ජෝන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණෙ. ගති ගුණ හොඳයි. හොද කොලිටීස් තිබ්බා. ඔහොම ඉන්නකොට එයා එක පාරටම මට ආදරේ ප්‍රකාශ කළා. මම ගැන සියල්ල දන්න මම ළඟින් හිටපු කෙනෙක් නිසා මම හිතුවා එයා තමයි මට ගැළපෙන කෙනා කියලා. මමත් ඒ ආදරේ පිළිගත්තා. අපි දැන් ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් වෙනවා. ලබන අවුරුද්ද අවසානයේ විවාහ වෙන්න ඉන්නේ. ඒ වගේම එයාගේ අම්මව මතක් කරන්න ඕන. මට ලැබුණු හොඳම නැන්දම්මා. මට හරි ආදරෙයි. මගේ අම්මට පස්සේ මම එයාට තමයි වැඩිපුරම ආදරේ කෙනා. මට දැන් තනිකමක් දැනෙන්නේ නැහැ ‘

මේ විදිහට තමයි ඇය එහිදී පවසා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන ලෝචිගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.